පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3682/’13
ගරු නිමල් විජේසිංහ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට නිමකර ඇති කිරිඳිඔය ජලසම්පාදන ක්‍රමය පුනරුත්ථාපනය හා පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අරමුණ කවරේද;
(ii) එම ව්‍යාපෘතිය යටතේ ආවරණය වූ ප්‍රදේශ කවරේද;
(iii) එහි වැඩ අවසන් කරන ලද දිනය කවදාද;
(iv) ඉන් ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව කොපමණද;
(v) එම ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල කොපමණද;
(vi) එම වැය බර දැරූ ආයතන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-09
අසන ලද්දේ
ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු වෙමින් පවතින ශීඝ්‍ර සංවර්ධනය හමුවේ 1989 වර්ෂයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උපදේශකත්වය මත කිරිඳිඔය වාරිමාර්ග ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක වූ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ඇති 7,500ක් නිවාසවලට අඛණ්ඩව ජලය සැපයීම හා නව ජල සම්බන්ධතා ලබා දීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති වීම නිසා, ඊට විසඳුමක් ලෙස කිරිඳිඔය ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කරන ලදි.
(ii) ලුණුගම්වෙහෙර, පන්නෙගමුව, වීරවිල, බූන්දල, වැලිගත්ත, බෙරලිහෙල, රන්මිණිතැන්න, අකුරුගොඩ, දෙව්රම්වෙහෙර, තණමල්විල නගරයෙන් කොටසක් හා මත්තල.
(iii) 2010.12.31
(iv) ලුණුගම්වෙහෙර හා අවට 50,000ක ජනගහනයක්
(v) විදේශ ණය ආධාර - යූරෝ 10,019,783.00 (එක්කෝටි දහනවදහස් හත්සිය අසූතුනයි.)
ශ්‍රී ලංකා රජය - රුපියල් 389,960,000.00 (තිස්අටකෝටි අනූනවලක්ෂ හැටදහසකි.)
(vi) විදේශ ණය ආධාර - ඕස්ට්‍රියා ජන රජයේ Bank Austria Creditanstalt AG දේශීය ආධාර - ශ්‍රී ලංකා රජය
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks