04

E   |     |  

 දිනය: 2010-05-18   පිළිතුර ලබා දී ඇත 

0008/2010: Chief Minister of Eastern Province

0008/’10

ගරු රවී කරුණානායක මහතා,— පළාත් පාලන හා පළාත් සභා                   අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ සම්පූර්ණ නම කවරේද;

              (ii)      ඔහු එම තනතුරේ වැඩ භාර ගනු ලැබුවේ කවදාද;

            (iii)      ප්‍රධාන අමාත්‍යධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඔහු හමුවීමට විදේශ රාජ්‍ය නියෝජිතයින් පැමිණියේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

(iv) එසේ පැමිණි විදේශ නියෝජිතයින්ගේ නම් කවරේද;

(v) ඔවුන් පැමිණි දිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත විදේශ නියෝජිතයින් පැමිණියේ කවර අයගේ ආරාධනාවන් මතද;

(ii) එම විදේශ නියෝජිතයින් සාකච්ඡා කළ කරුණු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-05-18

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks