බලන්න

04

E   |     |  

 දිනය: 2010-05-19   පිළිතුර ලබා දී ඇත 

0007/2010: Sand Reef at Maagama

0007/’10

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       කිරිඳිඔය මෝය සිට දොරඔය මෝය දක්වා අක්කර 396ක් පුරා පැතිරුණු, කිලෝමීටර් 4.05ක් දිග, කිලෝමීටර් 1.05ක් පළල, මීටර් 30ක් උස් වූ මාගම වැලිවැටිය ගැන එතුමා දන්නෙහිද?

(ආ)        (i)      මෙම වැලිවැටිය නිසා කුඹුරු අක්කර 676ක් හා අතිරේක බෝග අක්කර 31 ක ‍ගොවිබිම් ප්‍රමාණයක් මුහුදු රළෙන් ආරක්ෂා වන බවත්;

(ii) මෙම වැලිවැටිය දකුණලකට අවේනික පළු, වීර, රණවරා යන ශාකයන්ගෙන් ආවරණය වී ඇති බවත්; 

එතුමා දන්නෙහිද?

(ඇ) (i) මෙම වැලිවැටිය එහි ඇති ඉල්මනයිට් සහ ග්‍රැනයිට් යන ඛනිජ ලබා ගැනීම සඳහා විදේශීය සමාගමක් වෙත පවරා ඇති බවත්;

(ii) අඩි අටක් පමණ යටින් පිහිටා ඇති මෙම ඛනිජ ලබා ගැනීමේදී පොළොව මට්‍ටමේ සිට ඉහළින් ඇති වැලි ස්ථරයෙන් 60%ක් පමණ ඉවත් කිරීමෙන් මාගම සහ අවට   ගම්මානවලට අහිතකර බලපෑම් ඇති වන බවත්;

 එතුමා පිළිගන්නෙහිද?

(ඈ) (i) එම  අහිතකර බලපෑම් මගහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(ii) ව්‍යාපෘති කමිටුව මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශවාසීන්ගේ කැමැත්ත විමසුවේද;

(iii) ජනතා විරෝධතා මධ්‍යයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ නම්, එසේ කරන ලද්දේ කාගේ මග පෙන්වීමක් යටතේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-05-19

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks