01

E   |     |  

 දිනය: 2013-11-25   පිළිතුර ලබා දී ඇත 

3637/2013: සපුගස්කන්ද තෙල් පිරිපහදුව: නවීකරණය

3637/’13

 

ගරු රවී කරුණානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)     සපුගස්කන්ද තෙල් පිරිපහදුව උත්ශ්‍රේණිගත කිරීම සඳහා යෝජිත නවීකරණයට අදාළව,

              (i)      එහි වර්තමාන තත්ත්වය කවරේද;

            (ii)      භාවිතා කරනු ලබන තාක්ෂණය කවරේද;

           (iii)      එම කටයුතුවලට සම්බන්ධ වන රට කවරේද;

  (iv)  එකී නවීකරණය මෙතෙක් සිදුකර නොමැත්තේ මන්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ඉරාන රජය වර්ෂ 2009 දී ලබාදීමට පොරොන්දු වූ ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ණය මුදල සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සඳහා යොදා නොගන්නේ මන්ද;

  (ii)  එකී ණය මුදල ආපසු ගෙවිය යුතු කාලසීමාව කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-25

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශක්‍යතා, පාරිසරික බලපෑම් හා  පුරා විද්‍යා බලපෑම්හි අධ්‍යයන වාර්තා සකස් කර ඇති අතර අවශ්‍ය අමතර ඉඩම් අත් පත්

                         කර ගැනීමේ කටයුතු ද අවසන් කර ඇත.

              (ii)      ඇමෙරිකානු හා යුරෝපීය තාක්ෂණය.

             (iii)      මෙතෙක් තෝරා ගෙන නොමැත.

             (iv)      මෙය විශාල ආයෝජනයක් කළ යුතු හා  උසස් තාක්ෂණයක් යෙදවිය යුතු ව්‍යාපෘතියකි. එබැවින් සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා, මේ වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා  සෝරම් (SOREM) ව්‍යා‍පෘති කමිටුව මඟින් අධ්‍යයනය

කර ගෙන යනු ලැබේ.

(ආ) (i) එවකට ඉරාන රජයෙන් ආධාර මුදල් ලබා දීමට පොරොන්දු වුවත් මුළු වියදමින් සියයට 30ක ආයෝජනයක් ශ්‍රී ලංකා

රජය දැරිය යුතු විය. එබඳු විශාල මුදලක් ආයෝජනය කිරීමේ හැකියාවක් එම කාල වකවානුවේ ශ්‍රී ලංකා රජය සතු

නොවීය. එමෙන්ම, පසු කලක ඉරානයටද පැනවූ සම්බාධක නිසා ඉදිරියට කර ගෙන යාමේ හැකියාවක් නොවීය.

(ii) අවුරුදු 10යි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-11-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks