පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3630/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) සබරගමුව විශ්වවිද්‍යාලයේ,
(i) කළමනාකරණ පීඨයේ ආචාර්යවරුන්ගේ හිඟයක් පවතීද;
(ii) එම පීඨයේ සිටින මහාචාර්යවරු සංඛ්‍යාව කොපමණද;
(iii) භූ විඥාපන පීඨයේ ආචාර්යවරුන්ගේ සහ අනෙකුත් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හිඟයක් පවතීද;
(iv) සමාජ විද්‍යා හා භාෂා පීඨයේ ආචාර්යවරුන්ගේ හිඟයක් පවතීද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-09
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) මහාචාර්යවරු නොමැත.
මහාචාර්යවරුන්ගේ පුරප්පාඩු 3ක් පවතී. ඉන් එක් පුරප්පාඩුවක් සඳහා සප්ත වාර්ෂික නිවාඩු මත සිටින මහාචාර්යවරයකුගේ සේවය වර්ෂයක කාලයකට ලබා ගෙන ඇත.
(iii) ආචාර්යවරුන්ගේ හිඟයක් නැත.
මැනුම් විද්‍යාව පිළිබඳ උපදේශකවරුන්ගේ හිඟයක් පවතී.
අනුමත සේවක සංඛ්‍යාව තුළ පවතින මැනුම් විද්‍යාව පිළිබඳ උපදේශකවරුන් 15ක පුරප්පාඩු පිරවීම සඳහා වරින් වර පුවත් පත් දැන්වීම් මඟින් අයදුම් පත් කැඳවන ලද නමුත් අයදුම් පත් ලැබී නැත. බාහිර කථිකාචාර්යවරුන් මඟින් මෙම කාර්යය ගැටලුවක් නොමැතිව දැනට කර ගෙන යනු ලැබේ.
(iv) ඔව්.
ඉංග්‍රීසි සහ අනෙකුත් භාෂා සඳහා ආධුනික කථිකාචාර්යවරුන් 9 දෙනෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks