පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0003/’10
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරිවිරුගම ග්‍රාම නිලධාරී වසමට අයත් කෝංකැටිආර ග්‍රාමයේ ජීවත් වන ජනතාවගෙන් බහුතරයකගේ ජීවනෝපය වසරකට එක් වරක් පමණක් කළ හැකි හේන් ගොවිතැන බැව් එතුමා දන්නෙහිද?
(ආ) (i) කෝංකැටිආර ග්‍රාමයේ පිහිටි මෙම වගාබිම් ප්‍රදේශය තුළ 2009 සැප්තැම්බර් මස සිට අවට වනාන්තර තුළ සිටින වල් අලි ගෙනවිත් විදුලි වැටක් ඉදිකර කොටුකිරීම තුළින් අසරණ පවුල් 300කට පමණ අක්කර 3000ක පමණ තම හේන් බිම් ප්‍රමාණය අහිමි වූයේද ;
(ii) එසේ නම්, ගොවි බිම් අහිමිව අසරණ වූ මෙම හේන් ගොවියන්ගේ වගා බිම් නැවත ඔවුනට ලබා දීමට කටයුතු කරන්නේද ;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-05-18
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks