01

E   |     |  

 දිනය: 2013-10-08   පිළිතුර ලබා දී ඇත 

3625/2013: "භූ විඥාපන" පීඨ සංකීර්ණය හා නව ක්‍රීඩා පිටිය : සබරගමුව විශ්වවිද්‍යාලය

3625/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       සබරගමුව විශ්වවිද්‍යාලයේ “භූ විඥාපන” පීඨ සංකීර්ණය හා නව ක්‍රීඩා පිටියේ ඉදිකිරී‍ම් කටයුතු සිදු කරනු ලැබූ පාර්ශ්වය කවරේද;

             (ii)       මේ වන විට එම ඉදිකිරීම් කටයුතුවල ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් මතුව තිබේද;

(iii) එසේ නම් , ඒ  සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේද;   

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-08

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.බී. දිසානායක මහතා

(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க)

(The Hon. S.B. Dissanayake)

ගරු කථානායකතුමනි,  මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශය (CECB)

               (ii)      එවැන්නක් වාර්තා වී නැත. (මෙම ව්‍යාපෘතියේ කළමනාකරණ හා ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරන ලද්දේ රජයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසිනි.)

               (iii)     අදාළ නොවේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks