පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3619/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යුද්ධයෙන් අවතැන් වූ පිරිස් රඳවා සිටින “සීනියාමොට්ටායි” ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමක් සිදුවන්නේද;
(ii) එම ප්‍රදේශයට අවශ්‍ය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබා දී තිබේද;
(iii) “සීනියාමොට්ටායි” හි සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;
(iv) ඔවුන්ගේ මුල් ගම් බිම් කවරේද;
(v) එම පිරිස නැවත මුල් ගම්වල පදිංචි කරවන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-29
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීමේ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කේපාපිලව් ග්‍රාම නිලධාරි කොට්ඨාසය තුළ සීනියාමොට්ටෙයි ගම්මානයෙහි පමණක් නැවත පදිංචි කිරීම් සිදු කර ඇත.
(ii) ඔව්.
(iii) නැවත පදිංචි කළ පවුල් සංඛ්‍යාව 15කි. කේපාපිලව් ග්‍රාම නිලධාරි වසම තුළ නැවත ස්ථානගත කරන ලද මුළු පවුල් සංඛ්‍යාව 323කි.
(iv) කේපාපිලව්, සූරියපුරම්, පිලක්කුඩියිරිප්පු, සීනියාමොට්ටෙයි
(v) නැත. (සීනියාමොට්ටෙයි ගම්මානය තුළ එම ගම්මානයට අයත් පවුල් 15ක් නැවත පදිංචි කර ඇත.
(ආ) ජාතික ආරක්ෂක හමුදා අවශ්‍යතා සඳහා ඉඩම් අත් පත් කර ගැනීමේ පනත යටතේ කටයුතු කර ඇත.
පිළිතුරු දුන් දිනය
2013-11-29
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ගුණරත්න වීරකෝන් මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks