පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0002/’10 1. ගරු සජිත් ප්‍රේමදාස මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කිරින්ද - යාල සිට රන්මිණිතැන්න ගම්මානය දක්වා අක්කර 7000 ක භූමි භාගයක් තුළ වසර 40කට අධික කාලයක සිට ගොවි පවුල් 4500 - 6000 අතර ප්‍රමාණයක් හේන් ගොවිතැනින් තම ජීවිකාව රැකගන්නා බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම අසරණ හේන් ගොවියන්ගේ ගොවිබිම් ඔවුන්ට අහිමි කිරීමේ සැලැස්මක් තිබේද ; (ii) එසේ නම්, එම උත්සාහය වහා නතර කරන්නට පියවර ගන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) මෙම ගොවිබිම් නිරන්තරයෙන් වල්අලින්ගේ හානියට ගොදුරු වන්නෙහි ද; (ii) එසේ නම්, මෙම හානි මගහරවා ගැනීමට ගන්නා වූ ක්‍රියා මාර්ග කවරේද; (iii) මෙම ගොවිබිම් සඳහා ජලය, විදුලිය, මංමාවත් ආදී යටිතල පහසුකම් ලබා දී ගොවි බිම් ලෙස සංවර්ධනය කර එම ගොවි බිම්වල අයිතිය ගොවීන්ට ලබා දීමට කටයුතු කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-05-18
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks