01

E   |     |  

 දිනය: 2014-03-19   පිළිතුර ලබා දී ඇත 

3589/2014: ලංකාවට ලැබී ඇති විදේශ ආයෝජන: විස්තර

 3589/’13

ගරු බුද්ධික පතිරණ මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2011 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ ආයෝජන සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ආයෝජන සඳහා යොදවා ඇති මුළු මුදල වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  එම අරමුදල් යොදවා ඇති කර්මාන්ත හෝ සේවා කවරේද;

යන්න  එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා ලබා දී ඇති සහන කවරේද;

  (ii)  2010, 2012 සහ 2013 වර්ෂවලදී ඔවුන්ගේ කර්මාන්ත හෝ සේවා ස්ථාන ස්ථාපනය කිරීම සඳහා රජය මගින් ඉඩම් ලබා දී තිබේද;

  (iii)  එසේ නම්, එම ඉඩම් ලබා දී ඇති පදනම කවරේද;

  (iv)  එලෙස ලබා දී ඇති එක් එක් ඉඩම් පිහිටි දිස්ත්‍රික්කය, ඉඩම් ප්‍රමාණය, ඉඩමේ නම සහ ලිපිනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-19

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඍජු විදෙස් ආයෝජනය ඇමෙරිකන් ඩොලර් මිලියන 3,795යි.

              (ii)        ඇ.ඩො.මි.

                         2011 -1,066

                         2012 -1,338

                         2013 -1,391   

            (iii)      Apparel and other manufacturing industry; Agriculture; Housing, shopping and office complexes, mixed development projects; Telephone and telecommunication network; Power generation; Fuel, gas and petroleum; Port development; Hotels; Information technology; Business process outsourcing.

 

(ආ) (i) ස‍මාගම් බදු සහන (දේශීය ආදායම් පනත යටතේ විශේෂයෙන් 16C, 16D සහ 17A වගන්තීන් යටතේ)

- තීරු බදු සහන

* ප්‍රාග්ධන භාණ්ඩ (ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කාලය තුළ)

* අමු ද්‍රව්‍ය - අපනයන සමාගම් සඳහා පමණි.

- ප්‍රාග්ධන භාණ්ඩ ආනයන සඳහා වෙනත් බදු සහන (මහා පරිමාණ ව්‍යාපාර සඳහා පමණි)

* එකතු කළ අගය මත බද්ද (VAT) (Under VAT Act No. 14 of 2002 and its amendments)

* වරාය හා ගුවන් තොටුපොල සංවර්ධන බද්ද (PAL) (Under Finance Act, No. 18 of 2011)

- උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා එම පනත (SDP Act No. 14 of 2008)  යටතේ විශේෂ සහන

I table* a document titled "Tax Incentives & FDI Policy in Sri Lanka - 2013"  with regard to this Answer which gives more details. 

(ii) ඔව්.

Hon. Deputy Speaker,  I  table* Annexes A and B with regard to Question (b) (iii) and (iv) respectively. 

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks