01

E   |     |  

 දිනය: 2014-02-06   පිළිතුර ලබා දී ඇත 

3587/2014: රුක්මණී දේවි අනුස්මරණ කෞතුකාගාරය සහ රංග ශිල්ප කේන්ද්‍රය : ප්‍රතිසංස්කරණය

3587/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— සංස්කෘතික හා කලා ක‍ටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       මීගමුව ප්‍රදේශයේ රුක්මණී දේවි අනුස්මරණ කෞතුකාගාරය සහ රුක්මණී දේවි රංග ශිල්ප කේන්ද්‍රය නමින් ආයතන දෙකක් පවත්වා ගෙන යනු ලබන බව දන්නේද;

(ii) ඒවායේ පාලනය සිදු කරනු ලබන ආයතනය කවරේද;

(iii) 2010, 2011 සහ 2012 යන වර්ෂවලදී ඉහත සඳහන් ආයතන දෙක ලැබූ වාර්ෂික ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත (iii) හි සඳහන් වර්ෂවලදී එම ආයතනවල වැටුප් හා වෙනත් වියදම් සඳහා වැය වූ සමස්ත වියදම වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) රුක්මණී දේවි රංග ශිල්ප කේන්ද්‍ර‍යේ සහ කෞතුකාගාරයේ ඇති දුර්ලභ භාණ්ඩ සහ ඡායාරූප නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් දිරාපත් වෙමින් පවතින බවත්;

(ii) රංග ශිල්ප කේන්ද්‍ර‍යේ වහලය සහ වැහිපීලි දිරාපත් වෙමින් පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) ඉහත කෞතුකාගාරය සහ රංග ශිල්ප කේන්ද්‍රය පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-02-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංස්කෘතික හා කලා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        නැත.

                         රුක්මණී දේවි අනුස්මරණ කෞතුකාගාරය සහ රුක්මණී දේවි රංග ශිල්ප කේන්ද්‍රය එකම පරිශ්‍රයක ගොඩනැගිලි දෙකක පිහිටුවා ඇති අතර, එක් ආයතනයක් ලෙස පාලනය වේ.

              (ii)        සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ටවර් හෝල් රඟහල පදනම.

             (iii)        වාර්ෂික ආදායම :

වර්ෂය ආදායම

2010 රු.676,140.00

2011 රු.857,160.00

2012 රු.824,830.00

(iv) වර්ෂය    වැටුප්       වෙනත් වියදම්       මුළු වියදම්

           රුපියල්       රුපියල්       රුපියල්

 

2010 1,960,050.00 1,180,110.00 3,140,160.00

2011 1,514,856.00 1,243,552.00 2,758,408.00

2012 1,784,038.00 1,203,628.00 2,987,666.00

(ආ) (i) නැත.

      (ii) ඔව්.

 

(ඇ) ඔව්.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks