පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3581/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවක සේවිකාවන්ගෙන් මාසිකව අයකරනු ලබන එකී සංගමයේ සාමාජික මුදල් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සමහර සේවා ස්ථාන විසින් 2005 වර්ෂයේ සිට මේ දක්වා එම සංගම් මූලස්ථානය වෙත ලබා දී නොමැති බව දන්නේද;
(ii) එම සාමාජික මුදල් ඇතුළුව ගෙවීමට ඇති සියලුම මුදල් ජාතික සේවක සංගමයට ලබාදීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-21
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කුමාර වෙල්ගම මහතා
(மாண்புமிகு குமார வெல்கம)
(The Hon. Kumara Welgama)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්. ඉදිරි මාස 03 කාලය තුළ දී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks