බලන්න

04

E   |     |  

 දිනය: 2013-08-08   පිළිතුර ලබා දී ඇත 

3578/2013: විදේශ සංචිත සහ මුළු ණය බර : විස්තර

3578/’13

ගරු සුජීව සේනසිංහ මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       මහ බැංකුවේ වත්මන් විදේශ සංචිත ප්‍රමාණය කොපමණද;

            (ii)       වත්මන් ඒක පුද්ගල ණය ප්‍රමාණය කොපමණද;

           (iii)       මුළු ණය බර කොපමණද;

           (iv)       රාජ්‍ය ණය බර ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

අසන ලද දිනය

2013-08-08

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රජයේ සහ මහ බැංකුවේ විදේශ වත්කම්වලින් සමන්විත දළ නිල සංචිත ප්‍රමාණය 2013 සැප්තැම්බර් මස අග වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.0ක් විය. වාණිජ බැංකුවල විදේශ වත්කම්ද ඇතුළත් වන මුළු දළ විදේශ සංචිත ප්‍රමාණය 2013 සැප්තැම්බර් මස අග වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8.3ක් විය.

විදේශ සංචිත

         එ.ජ.ඩොලර් බිලියන

ශීර්ෂය

2011

2012

2013 සැප්තැම්බර් අග වන විට

මුළු නිල සංචිත

6.0

6.9

7.0

මුළු විදේශීය සංචිත

7.2

8.4

8.3

මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව

(අ) (ii) ප්‍රශ්නයට පිළිතුර දෙන්න ඉස්සෙල්ලා ඒක ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි.

In economics, the debt-to-GDP ratio is the key indicator to measure the debt burden of a country and not the per capita debt. This is because the debt-to-GDP ratio gives an indication as to whether an economy produces goods and services that are high enough to pay back debts. Accordingly, a continuous improvement in Government debt sustainability was reflected in the declining outstanding debt-to-GDP ratio from a peak of 105.6 per cent in 2002 to 78.5 per cent at end of 2011. Fiscal consolidation efforts together with higher economic growth contributed to the reduction in the debt burden.

May I also add that our target is to reduce our debt-to-GDP ratio to 65 per cent which is the prescribed amount by all international monetary authorities.

(ii) 2012 මැදි වසර ජනගහනය පදනම් වූ රජයේ ඒක පුද්ගල නොපියවූ ණය ප්‍රමාණය 2013 ජූනි අග වන විට රුපියල් 321,472ක් විය. 

ඒක පුද්ගල රාජ්‍ය ණය

 

ශීර්ෂය

2011

2012

2013 ජූනි අග

ඒක පුද්ගල රාජ්‍ය ණය

245,980

295,165

321,472

ඒක පුද්ගල දේශීය ණය

134,366

159,033

176,341

ඒක පුද්ගල විදේශ ණය

111,614

136,132

142,131

මූලය: මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය

(iii) සහ (iv)

2013 ජූනි මස අවසන් වන විට රජයේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,518.5ක් විය. 2011, 2012 සහ 2013 ජූනි අවසාන වන විට පැවති නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය පහත වගුවේ විස්තරාත්මකව පෙන්නුම් කරයි. එම වගුව සභාගත* කරමි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2013-12-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks