පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3576/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) තැපැල් සේවාව ජාල ගතකිරීම සඳහා රුපියල් කෝටි 30කට අධික මුදලක් වැය කර ඇති බවත්;
(ii) එම ව්‍යාපෘතියට ලබාගත් පරිගණක හා උපාංග වර්ෂ 05ක් තිස්සේ ප්‍රයෝජනයට ගෙන නොමැති බවත්;
(iii) මිලදී ගත් පරිගණකවල වගකීම් කාලය මේ වන විට ඉක්මවා ගොස් ඇති බවත්;
(iv) එම ව්‍යාපෘතිය පවරා ඇති පුද්ගලයා දූෂණ චෝදනාවකට වරදකරු වී ඇති බවත්;
(v) ඉහත ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට දැනුමක් නැති බව සඳහන් කරමින් තැපැල්පතිවරයා වගකීමෙන් මඟහැර සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් ව්‍යාපෘතිය වෙනුවෙන් මුලින් ලබාගත් රුපියල් කෝටි 30ට අමතරව තවත් රුපියල් කෝටි 35ක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඉල්ලුම් කිරීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-06
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. 2013.06.30 දින දක්වා ජාලගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි 30.34කි.
(ii) එකඟ නොවෙමි.
2008 හා 2012 යන වර්ෂවලදී පරිගණක හා උපාංග කට්ටල 1,615ක් (750ක් 2008 දී හා 865ක් 2012 දී වශයෙන්) මිලදී ගැනීමට ක්‍රියා කර ඇත. මෙම පරිගණක හා උපාංග දෙපාර්තමේන්තුව විසින් සංවර්ධනය කළ මෘදුකාංග ක්‍රියා කරවීම සඳහා 2009/2010 වර්ෂවල සිට මේ දක්වාම යොදා ඇත.
(iii) 2008දී වසර 3ක පුර්ණ වගකීම් කාලයක් යටතේ පරිගණක හා උපාංග මිල දී ගෙන ඇත. වසර 3ක කාලය ඉක්මවූ
පසු රාජ්‍ය ප්‍රතිපත්ති උපදෙස් ප්‍රකාරව වාර්ෂික සේවා ගිවිසුම් සඳහා ඇතුළත් වෙමින් අඛණ්ඩව මේ දක්වා මෙම
පරිගණක හා උපාංග අදාළ කාර්යයන් සඳහා භාවිතයට ගනිමින් පවතී. 2012 වර්ෂයේ මිල දී ගත් පරිගණක සඳහා
වසර 3ක වගකීම් කාලයක් ඇත.
(iv) මෙම නිලධාරියාට විරුද්ධව දැයට කිරුළ - 2007 සම්බන්ධයෙන් වූ දූෂණ පිළිබඳ චෝදනා 14කින් යුත් චෝදනා
පත්‍රයක් විභාග කර ඉන් 08කට නිවැරදිකරු වී 06කට වැරදිකරු වී ඇත. ඒ සඳහා 2011.12.30 දින රාජ්‍ය සේවා
කොමිෂන් සභාව විසින් චෝදනාවලට ගැළපෙන පරිදි වැටුප් වර්ධක විලම්භනය කරමින් දඬුවම් පමුණුවා ඇත.
නමුත් ඔහු රජයේ සේවයේ වගකීම් දැරීමට නුසුදුසු බවට නිගමනය කර නැති හෙයින් ද මෙම ව්‍යාපෘතිය මෙහෙයවීම
සඳහා අවශ්‍ය දැනුම හා කුසලතාව ඔහු සතුව ඇති හෙයින් ද ඔහුට වගකීම් පවරා ඇත.
(v) අසත්‍යයි.
(ආ) ව්‍යාපෘතිය ආරම්භයේදී (2007) මෙම ව්‍යාපෘතියේ කාර්යයන් දළ වශයෙන් හඳුනා ගන්නා ලද අතර, ඒ සඳහා දළ ඇස්තමේන්තුව
රු. කෝටි 30.0ක් ලෙස වාර්තා කළද, 2011 වන විට ව්‍යාපෘතියේ මූලික කටයුතු සිදු කර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු පත්
කර ව්‍යාපෘතියේ සියලු අවශ්‍යතාවන් විස්තරාත්මකව නැවත හඳුනාගෙන අලුතින් ඇස්තමේන්තුවක් සකස් කිරීමට පියවර ගන්නා ලදි.
දිවයිනේ සියලුම තැපැල් කාර්යාල (651) මෙම ජාලගත කිරීමට ඇතුළත් කිරීමේදී රු. කෝටි 30.0ක ප්‍රතිපාදනය ඉක්මවා
යාම නිසා පසුව හඳුනා ගත් අවශ්‍යතාවයන් සඳහා තවදුරටත් රුපියල් කෝටි 34.63ක මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලුම් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ජීවන් කුමාරණතුංග මහතා. පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks