පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3525/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නූපේ පිහිටි ඕලන්ද පැරණි වෙළඳ සංකීර්ණය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බවත්;
(ii) එයට අයත් ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු රජයට අමතර ආදායමක් උපයා ගැනීම සඳහා යොදාගත හැකි බව පිළිගන්නේද;
(ii) එසේ නම්, නූපේ ඕලන්ද පැරණි වෙළඳ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;
(iii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(iv) එසේ නම්, වෙන්කර ඇති මුදල කොපමණද;
(v) එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-07
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජාතික උරුමයන්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මෙම ගොඩනැඟිල්ල ගරා වැටෙමින් පවතින තත්ත්වයක නැත.
(ආ) (i) ඔව්. දැනටමත් මෙම ගොඩනැඟිල්ල දිනකට රුපියල් 2500.00ක මුදලකට සංස්කෘතික හා වෙළෙඳ කටයුතු සඳහා සුදුසු අවස්ථාවන්හි ලබා දෙන අතර, මෙහි පුරාවිද්‍යා ප්‍රකාශන අළෙවි සැලක් ද පවත්වා ගෙන යනු ලබයි.
(ii) දැනටමත් සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
(iii) ඔව්.
(iv) 2013 වර්ෂය සඳහා රුපියල් 2,204,225.00ක්ද (විසිදෙලක්ෂ හාරදහස් දෙසිය විසිපහක්) 2014 වර්ෂයට අදියර හතරක් යටතේ රුපියල් මිලියන 13.07ක් ද වෙන් කර ඇත.
(v) ආරම්භ කරන දිනය - 2013.11.01.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ජගත් බාලසූරිය මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks