පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3522/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) තැපැල් දෙපාර්තමේන්තුව සහ ටෙලිකොම් ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ විදුලි පණිවුඩ සේවාව නවතා දමන ලද දිනය කවරේද;
(ii) විදුලි පණිවුඩ සේවාව නවතා දැමීමෙන් පසු, ඒ වෙනුවට ආරම්භ කළ විකල්ප පණිවුඩ හුවමාරු ක්‍රමවේදය කවරේද;
(iii) එමගින් ජනතාවට ලැබෙන සහන කවරේද;
(iv) මෙම විකල්ප පණිවුඩ හුවමාරු මාධ්‍යය ආරම්භ කළ දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-10
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2013.10.01 දින.
(ii) විදුලි පණිවුඩ සේවාවන් නතර කිරීමෙන් පසුව තැපැල් දෙපාර්තමේන්තුව ඒ වෙනුවට විකල්ප පණිවුඩ හුවමාරු ක්‍රමයක් ආරම්භ කර නැත. එසේ වුවද තැපැල් දෙපාර්තමේන්තුව විසින් "ටෙලිමේල් " නමින් විදුලි පණිවුඩ සේවයට සමාන සේවාවක් මේ දක්වාම පවත්වාගෙන යනු ලබයි.
(iii) (a) අදාළ පණිවුඩය ඍජුවම ගමනාන්ත කාර්යාලයට ලබා දීම.
විදුලි පණිවුඩ සේවය පවතිද්දී ගමනාන්ත කාර්යාලයට අදාළ පණිවුඩය ඍජුවම සම්ප්‍රේෂණය නොකෙරුණු අතර, එය ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතුම් මධ්‍යස්ථානයට ලබා දී එම මධ්‍යස්ථානයෙන් නැවත ගමනාන්ත කාර්යාලයට යොමු කෙරුණි. එහෙත් ටෙලිමේල් සේවාවේදී පණිවුඩය එක එල්ලේම දුරකථනය මඟින් ගමනාන්ත කාර්යාලයට සම්ප්‍රේෂණය කෙරේ.
(b) බෙදීම් විස්තර ලබා ගැනීමට හැකියාව සලසා තිබීම.
(c) ලබන්නාගේ ලිපිනයට මුදල් අය නොකිරීම.
(iv) 2001.04.02 දින.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ජීවන් කුමාරණතුංග මහතා. පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks