බලන්න

04

E   |     |  

 දිනය: 2014-04-09   පිළිතුර ලබා දී ඇත 

3521/2014: වැවිලි මානව සංවර්ධන භාරය : අරමුණු සහ කාර්ය භාරය

3521/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබී, දැනට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති වැවිලි මානව සංවර්ධන භාරයේ අරමුණු සහ කාර්යභාරය කවරේද;

(ii) එම භාරය මගින් 1992 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා කාල සීමාව තුළ වතු අංශයේ ජනතාවට සපයා ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;

(iii) 2005 වර්ෂයෙන් පසුව  මේ දක්වා එකී ජනතාවට සපයා ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පිහිටු වූ වැවිලි මානව සංවර්ධන භාරය පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට පැවරීම නිසා එම භාරය මගින් වතු කම්කරුවන් වෙනුවෙන්  ක්‍රියාත්මක කළ සුබසාධන කටයුතු ඇනහිට ඇති බවට එම සේවකයින් චෝදනා කරන බව දන්නේද;

(ii) එසේ නම්, එම තත්ත්වය වෙනස්කර වතු කම්කරුවන් සඳහා වැවිලි මානව සංවර්ධන භාරය මගින් ක්‍රියාත්මක කළ සුබසාධන කටයුතු කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-09

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අරමුණ: වතු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම. කාර්යභාරය: වතු ජනතාවට නව නිවාස සපයා දීම සහ තිබෙන නිවාසවල වහලවල් අලුත්වැඩියා කිරීම; පානීය ජල පහසුකම් ලබා දීම සහ සනීපාරක්ෂක කටයුතු සිදු කිරීම; සෞඛ්‍ය සහ ළමා ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක කිරීම; පුහුණු සහ හැකියාවන් වැඩි දියුණු කිරීම; ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා වතු නිවාස සමුපකාර සමිති ක්‍රියාත්මක කිරීම.

(ii) 20,177යි.

(iii) 4,583යි.

(ආ) (i) නැත.

(ii) අදාළ නොවේ. පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ වැවිලි මානව සංවර්ධන භාරය විසින් සමාජ සුභ සාධන කටයුතු බාධාවකින් තොරව සාර්ථකව සිදු වෙමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks