01

E   |     |  

 දිනය: 2014-05-20   පිළිතුර ලබා දී ඇත 

3449/2014: Recruitment of Education Administrative Officers

3449/’13

 

ගරු පී. හැරිසන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      විදුහල්පතිවරුන් හා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් බඳවා ගැනීමේ බලය  මධ්‍යම රජයේ අධ්‍යාපන සේවා කොමිෂන් සභාව සතුවූවක්ද;

            (ii)      උතුරු මැද පළාත් සභා අමාත්‍ය මණ්ඩලය විසින් එම බලතල අභිභවමින්  පළාත් අධ්‍යාපන සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ බලතල එම පළාත් සභාවට ලබා දී තිබේද;

(iii) නොඑසේ නම්, උතුරු මැද පළාත් අධ්‍යාපන කාර්යාලවල අනුයුක්ත ගුරු සේවයේ නිලධාරීන් විෂය අධ්‍යක්ෂ ධුර සඳහා බඳවා ගැනීම සිදුකර ඇති ක්‍රියා පටිපාටිය කවරේද;

(iv) පළාත් සභාව මගින් මධ්‍යම ආණ්ඩුවේ අනුමතියකින් තොරව බඳවා ගත් නිලධාරීන් සඳහා ගමන් වියදම් හා අමතර දීමනා ගෙවීම් සිදුකරන  ආකාරය කවරේද;

(v) එම ගෙවීම් සිදුකරන්නේ උතුරු මැද පළාත් සභාවේ කවර වැය ශීර්ෂය යටතේද;

(vi) එම නිලධාරීන් සඳහා මුදල් ගෙවීම මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමතිය  යටතේ සිදුකරන්නේද;

(vii) එම මුදල් ගෙවීමේදී රජයේ මුදල් අයථා ලෙස භාවිත කොට තිබේ නම්, එසේ සිදුකළ නිලධාරීන්ට විරුද්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-20

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ජාතික පාසල්  විදුහල්පති තනතුරට හා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරින්  බඳවා ගැනීමේ බලය  මධ්‍යම රජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු වේ.     

              (ii)       නැත.

             (iii)      අධ්‍යාපන පරිපාලන‍ සේව‍යේ පුරප්පාඩු සැලකිල්ලට ගෙන පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ  III වන පන්තියේ විෂය අධ්‍යක්ෂ තනතුරුවල  රාජකාරි ආවරණය සඳහා පත්වීම් ලබා දී ඇත.

(iv)  පළාත් සභාව යටතේ වෙන්  වී   ඇති ප්‍රතිපාදන මගින්.

(v)   651-88-10-1101සහ  651-88-10-1002.

(vi) මේ අය පළාත් රාජ්‍ය සේවයේ නියුතු බැවින් මධ්‍යම ආණ්ඩුවේ අනුමැතිය ලබා නොගනී. පළාත් බලධාරින්ගේ අනුමැතිය මත පත්වීම් කර පළාත් සභා අරමුදලින් අදාළ ගෙවීම් සිදු කරනු ලැබේ. පුරප්පාඩු සැලකිල්ලට ගෙන පත්කිරීම සඳහා සුදුසු අය නොමැති අවස්ථාවකදී තමයි මෙය සිදු විය යුත්තේ.

(vii) අයථා මුදල් භාවිතය පිළිබඳ පැමිණිල්ලක් ලැබී නැත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2016-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks