04

E   |     |  

 දිනය: 2013-08-21   පිළිතුර ලබා දී ඇත 

3445/2013: නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 2012 : ප්‍රතිඵල

3445/’13

ගරු තිස්ස අත්තනායක මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2012 වර්ෂයේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

            (ii)      එම විභාගය සමත් වූ අයගේ නම් සහ එක් එක් අපේක්ෂකයා ලබා ගත් ලකුණු ඇතුළත් ලේඛනයක් විභාගයට පෙනී සිටි මාධ්‍ය අනුව, වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් අතර සමත්වීම, අසමත්වීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ වූ චෝදනා හා කථාබහ පැතිරෙන බැවින් එම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරවීමට විභාග කොමසාරිස්වරයාට උපදෙස් දෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-21

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රවුෆ් හකීම් මහතා (අධිකරණ අමාත්‍යතුමා)

(மாண்புமிகு றவுப் ஹகீம் - நீதி அமைச்சர்)

(The Hon. Rauff Hakeem - Minister of Justice)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       අමුණුම 01*හි සඳහන්ව ඇත.

                (ii)       අමුණුම 02*හි සඳහන්ව ඇත.

                         ඇමුණුම් පුස්තකාලයේ තබා ඇත.

(ආ) නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ ස්ථාපනය කරන නීති අධ්‍යාපන සභාව විසින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පරිපාලනය සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සපයන ලද තොරතුරුවලට අනුකූලව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනවලට අනුව නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා 2012 දී පවත්වන ලද විභාගයේ විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිට වී ඇති බවට සාක්ෂි අනාවරණය වී නොමැත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks