පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3411/’13
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝගීතා වත්කම් පුනරුදය සඳහා පත්කර ඇති වන්දි විනිශ්චය සභාවේ සාමාජිකයින් කවුරුන්ද;
(ii) එම එක් එක් සාමාජිකයා තම සේවා සැපයීම වෙනුවෙන් මෙතෙක් ලබා ගෙන ඇති වැටුප් හෝ දීමනා ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඔවුන් ඉහත තනතුරු ලැබීමට පෙර 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් සහ ඌන උපයෝගිතා වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ රජයට පවරා ගන්නා ලද ආයතන එකක් හෝ කිහිපයක් වෙනුවෙන් පෞද්ගලිකව වෘත්තීමය සේවාවන් සපයා තිබේද;
(iv) එසේ නම්, එම අවස්ථා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-22
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன)
(The Hon. Lakshman Yapa Abeywardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත *කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයෙන් ලබා ගත් තොරතුරුවලට අනුව, වන්දි විනිශ්චය සභාවේ සමාජිකයන් වන්නේ,
(අ) ප්‍රධාන තක්සේරුකරු සභාපති වශයෙන්
(ආ) පී.ඩබ්ලිව්. සේනාරත්න මහතා (හිටපු ප්‍රධාන තක්සේරුකරු හා වරලත් තක්සේරුකරු)
(ඇ) සුනිල් ප්‍රනාන්දු මහතා (වරලත් තක්සේරුකරු)
(ii) මෙම විෂය මෙම අමාත්‍යාංශය යටතට අයත් නොවේ. එම නිසා අදාළ නොවේ.
(iii) ඉහත පිළිතුරුම අදාළ වේ.
(iv) පැන නොනගී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks