පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3349/’12
ගරු පී. හැරිසන් මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;
(iii) එම ආයතනවල රජයේ වාහන ලබාදී ඇති නිලධාරීන් අයත් ශ්‍රේණි කවරේද;
(iv) එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) උක්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට කුලී පදනම මත ලබා ගෙන ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;
(iii) එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;
(iv) කුලී පදනම මත ලබාගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබාගත් වාහන සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන්කර හඳුනාගැනීමේ ක්‍රමවේදයක් තිබේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේද;
(iii) අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය සමග අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;
(iv) නොඑසේ නම්, එයට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-23
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු සරත් කුමාර ගුණරත්න මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு சரத் குமார குணரத்ன - கடற்றொழில், நீரக வளமூலங்கள் அபிவிருத்தி பிரதி அமைச்சர்)
(The Hon. Sarath Kumara Gunaratne - Deputy Minister of Fisheries and Aquatic Resources Development)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු මා සභාගත*කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 06 යි.
(ii) 393යි
(iii) * විශේෂ ශ්‍රේණිය
* විධායක ශ්‍රේණිය
* විධායක 1ශ්‍රේණිය
* විධායක 1I ශ්‍රේණිය
* විධායක නිලධර ගණය.
* ඉහළ කළමනාකරණ H-M-2-2
* H-M-2-3 සේවා ගණය.
* H-M-1- 3 සේවා ගණය
(iv) 45 යි
(ආ) (i) 02 යි.
(ii) * මාසිකව රු.125,000.00
* නියමිත ධාවන සටහන් පත්‍රිකාවන්ට අනුකූලව මාසය අවසානයේදී.
(iii) 2,220,000.00 යි.
(iv) සභාපති.
(ඇ) (i) ඔව්.
(ii) *රාජ්‍ය ලාංඡන සමඟ ආයතනයේ නම සඳහන්ව ස්ටිකරයක්
අලවා ඇත.
*ඇතැම් ව්‍යවස්ථාපිත ආයතනවල වාහන සඳහා රාජ්‍ය
ලංඡනය සහ සමාගමේ ලාංඡනය සටහන් කර ඇත.
* රජයට අයත් වාහන ඉන්වෙන්ට්‍රි ගත කර ඇත.
* කුලී පදනම මත ලබා ගත් වාහන ලේඛනවල පණක්
සඳහන් කර ඇත.
* පෞද්ගලික වාහන සම්බන්ධව කිසිදු වගකීමක් දරන්නේ
නැහැ.
(iii) අමාත්‍යාංශ්‍යට අනුබද්ධ ආයතනවල ඇතැම් වාහනවල එසේ සඳහන් කර ඇත. දැනට එසේ නොමැති වාහන සඳහා රාජ්‍ය ලාංඡනය හා ආයතනයේ නම සදහන් කිරීමට කටයුතු කෙරෙමින් පවතියි.
(iv) ප්‍රායෝගිකව එකවර සියලු වාහනවල එසේ සඳහන් කිරීම කළ නොහැක. ප්‍රමුඛතා ලේඛනයට අනුව කටයුතු කෙරේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු සරත් කුමාර ගුණරත්න මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks