04

E   |     |  

 දිනය: 2014-04-09   පිළිතුර ලබා දී ඇත 

3330/2014: ස්ත්‍රී දූෂණ හා ස්ත්‍රී ඝාතනවලට සම්බන්ධ වරදකරුවන් : විස්තර

3330/’12

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       වර්ෂ 2008-2012 කාල සීමාව තුළ,

              (i)       ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වී ඇති සංඛ්‍යාව කොපමණද;

             (ii)       ස්ත්‍රී ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වී ඇති සංඛ්‍යාව කොපමණද;

යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත කාල සීමාව තුළ ස්ත්‍රී දූෂණ හා ස්ත්‍රී ඝාතනවලට අදාළව වරදකරුවන් බවට පත්වූ, දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) එම වරදකරුවන් වෙත ලබා දී ඇති දඬුවම් කවරේද;

යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-09

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සාමාන්‍යයෙන් නඩු සම්බන්ධයෙන් සැකකරුවන් නිවැරදිකරුවන් වූ සහ වැරදිකරුවන් වූ නඩු වශයෙන් සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යන නමුත්,  එක්  එක්  වරද      සම්බන්ධයෙන්     සංඛ්‍යා    ලේඛන පවත්වාගෙන යාමක් සිදු නොවේ. ඒ නිසා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත් වී ඇති සංඛ්‍යාව පිළිබඳව විස්තර ලබා දීමට හැකියාවක් නොමැත.

(ii) ඝාතන නඩුවලදී වින්දිතයින් ස්ත්‍රීන්ද නැතහොත් පුරුෂයින් ද  යන්න  පිළිබඳව  වෙනම   සංඛ්‍යා ලේඛන පවත්වා ගැනීමක් සිදු නොවේ. ඒවා සටහන් වන්නේ ඝාතන නඩු වශයෙන් පමණකි. එබැවින් ඉහත සංඛ්‍යා ලේඛන ලබා දීම ප්‍රායෝගිකව සිදු කිරීමට හැකියාවක් නොමැත.

(ආ) (i) කිසිම නඩුවක වරදකරුවන්ගේ දේශපාලන සම්බන්ධතාවන් පිළිබඳව වාර්තාගත කිරීමක් සිදු නොවේ. එබැවින් ඒ පිළිබඳව සංඛ්‍යා ලේඛන නොමැත.

(ii) පැන නො‍නඟී.

ස්ත්‍රී දූෂණ සහ ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට නියමිත දඬුවම් නීතියෙන් පනවා ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks