පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3328/’12
ගරු රෝසි සේනානායක මහත්මිය,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2012 වර්ෂය අවසාන වන විට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පැවති,
(i) පාඩු ලබන අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම අලෙවිසැල් කවරේද;
(iii) උක්ත අලෙවිසැල්වලින් අහිමිවූ සමස්ත අයවීම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේවූ අලෙවි මධ්‍යස්ථාන වෙත පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට සරිලන බෙහෙත් ද්‍රව්‍ය නියමිත වේලාවට ලැබෙන්නේද;
(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-08
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු සී.පී.ඩී. බණ්ඩාරනායක මහතා (දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு சீ.பீ.டி. பண்டாரநாயக்க - சுதேச மருத்துவத்துறை பிரதி அமைச்சர்)
(The Hon. C.P.D. Bandaranaike - Deputy Minister of Indigenous Medicine)
ගරු කථානායකතුමනි, දේශීය වෛද්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) සමස්ත අළෙවි මධ්‍යස්ථාන (හෙළ ඔසු සැල්) පහළොවක් ඇති අතර ඉන් පහක් අලාභ ලබා ඇත.
(ii) 1. අනුරාධපුරය
2. තංගල්ල
3. බත්තරමුල්ල
4. ජනකලා කේන්ද්‍රය
5. මොණරාගල
(iii) අහිමි වූ සමස්ත අයවීම් ප්‍රමාණය 2,540,500යි. (රුපියල් විසිපන්ලක්ෂ හතළිස්දහස් පන්සියයයි) නමුත් සමස්ත අළෙවි මධ්‍යස්ථානවලින් 4,262,095ක (රුපියල් හතළිස්දෙලක්ෂ හැටදෙදහස් අනූපහක) ලාභයක් ලබා ඇති අතර, සංස්ථාව එම වර්ෂයේදී බදු අය කිරීමට පෙර ලාභය රුපියල් මිලියන 67කි.
සංස්ථා නිෂ්පාදන දිවයින පුරා ප්‍රචලිත කිරීම සඳහා සහ ජනතාවට පහසුවෙන් සේවාවන් සැපයීම සඳහා දිවයින පුරා මෙම ඔසු සල් ආරම්භ කරන ලදී.
(ආ) (i) හැකි සෑම විටම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා නිසි වේලාවට සැපයීමට කටයුතු කරන අතර, එසේ නොහැකි වන අවස්ථාද ඇත.
(ii) ඔව්.
(ඇ) ඉල්ලුමට අනුව සැපයුම් කිරීමට නොහැකි වන අවස්ථා ඇත. එයට හේතු ලෙස නිෂ්පාදන ධාරිතාවෙහි මඳ බව, අමු හා වියළි ඖෂධ සපයා ගැනීමේ ප්‍රමාදයන් සහ හිඟ බව දැක්විය හැක.
සමහර ඖෂධ දේශීයව සපයා ගත නොහැකි අතර, විදේශීයව සපයා ගත යුතුව ඇත. ඉනුත් සමහර ඖෂධ වර්ග ඍජුවම ආයුර්වේද සංස්ථාවට සපයා ගත නොහැකි අතර, එයට පවතින අණපනත් බලපායි. උදාහරණයක් හැටියට අබිං ගෙන්වීමට හැකියාව ඇත්තේ සෞඛ්‍ය සැපයීම් අංශයට පමණි. එබැවින් මාස 06කට අධික කාලයක් තිස්සේ අබිං සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වැඩි ඉල්ලුමක් ඇති අත්‍යවශ්‍ය විශේෂිත වූ ඖෂධ වර්ග කිහිපයක් නිෂ්පාදනය කිරීමට නොහැකි වී ඇත.
උදා: - සුරංවිදුර වටි, ජීවානන්ද වටි, බුද්ධරාජ කල්කය, ගජබල (රණහංස රසායනය), වෙල්ලවෙන්ගායම්
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිසි ප්‍රමිතියට ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක් බැවින් වට්ටෝරුවෙන් එක් අමුද්‍රව්‍යයක් හෝ නොමැති වුවහොත් අදාළ ඖෂධය නිෂ්පාදනය කරනු නොලැබේ.
එසේම පාඩු ලබන අළෙවි සැල් වශයෙන් සඳහන් කරන ලද ජනකලා අළෙවි මධ්‍යස්ථානය වසා දමා ඇත.
මොණරාගල අළෙවි මධ්‍යස්ථානයේ පාඩුව අවම කිරීම සඳහා පෝෂණ මන්දිරයක් ආරම්භ කර ඇත. තංගල්ල නගරයෙන් දුරස්ථව පිහිටා තිබූ බැවින් තංගල්ල අළෙවි මධ්‍යස්ථානය එම නගරයේ ජනාකීර්ණ ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු යොදන ලදී. එසේම පාඩු ලබමින් සිටි අනුරාධපුර අළෙවි මධ්‍යස්ථානය මඟින් සංස්ථාවට අවශ්‍ය වියළි ඖෂධ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ද පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇත.
පිළිතුරු දුන් දිනය
2014-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු සී.පී.ඩී. බණ්ඩාරනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks