බලන්න

04

E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3265/2013: මිල්කෝ සමාගමේ අඹේවෙල ශාඛාව : ගබඩා පහසුකම්

3265/’12

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මි‍ල්කෝ සමාගමේ අඹේවෙල ශාඛාවේ කිරි ගබඩා කර තැබීමේ පහසුකම් නොමැති බව දන්නේද;

             (ii)      අඹේවෙල ශාඛාවේ ගබඩා පහසුකම් නොමැතිවීම නිසා කිරිපිටි නිපදවීම සඳහා ක්‍රීම් බවට පත්කර තිබීයදී ඉවත් කරන ලද කිරි ලීටර් සංඛ්‍යාව  කොපමණද;

(iii) එම කිරිවල වටිනාකම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) මි‍ල්කෝ සමාගමේ මාසික ආදායම සහ ශුද්ධ ලාභය කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන‍්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නොදනී. ව‍ර්තමාන මෙහෙයුම්වලට ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇත.

               (ii)      අඹේවෙල ක්‍රීම් නිපදවීමක් සිදු නොකරයි. 

             (iii)      පැන නොනඟී.

  (ආ)    රුපියල් මිලියන 700

           ශුද්ධ ලාභය - 2013 ඔක්තෝබර් මාසයේදී ‍රුපියල් මිලියන 3.8ක ශුද්ධ ලාභයක් ලබා ඇත.

(ඇ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2013-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks