පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3260/’12
ගරු රෝසි සේනානායක මහත්මිය,— නැවත පදිංචිකිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වලිකාමම් උතුරු ප්‍රදේශයේ කොල්ලන්කලට්ටි, තන්දෙයි, සෙල්වාපුරම්, මාවට්ටිපුරම් යන ගම්මාන හතරෙහි යළි පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ගම්මානයන්හි සුබ සාධන කටයුතු සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iii) එම ගම්වැසියන්ගේ ජීවනෝපාය නංවාලීම සඳහා වැඩපිළිවෙළක් දියත්කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-22
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීමේ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.
(i)
|
ප්‍රා.ලේ. කොට්ඨාසය |
පවුල් සංඛ්‍යාව |
සාමාජික සංඛ්‍යාව |
|
කොල්ලන්කලට්ටි |
647 |
2175 |
|
තන්දෙයි සෙල්වාපුරම් |
492 |
1587 |
|
මාවිට්ටපුරම් |
160 |
516 |
|
මුළු සංඛ්‍යාව |
1299 |
4278 |
(ii) නිවාස ආධාර ලෙස ඉන්දියානු නිවාස ආධාර යටතේ පවුල් 525කට ස්ථීර නිවාස ලබා දී ඇත.
සනීපාරක්ෂක පහසුකම් යටතේ වැසිකිළි පද්ධති ඉදිකිරීම සහ පානීය ජල පහසුකම් ලබා දීමට ළිං පිරිසිදු කිරීම හා අලුත්වැඩියා කිරීම සිදු කොට ඇත. තවද, මෙම ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 20.5ක් වැය කොට රෝහලක් ප්‍රතිසංස්කරණය කොට ඇත.
නැවත පදිංචි කරන ලද පවුල් 243කට පමණ ජීවනෝපාය ආධාර ලබා දී ඇත.
(iii) ඔව්.
නැවත පදිංචි කරන ලද වලිකාමම් උතුරු ප්‍රදේශයේ පවුල් 243කට පමණ ජීවනෝපාය ආධාර ලබා දී ඇත.
|
ආධාර ලබා දුන් සංවිධානය |
පවුල් ගණන |
ජීවනෝපාය ආධාරය |
|
CARE |
113 |
කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා |
|
FAO |
32 |
සතුන් ලබා දීම - එළුවන් හා ගවයන් |
|
Sewalanka |
69 |
ජල නළ සහ ගෙවතු වගා ආධාර ලබා දීම |
|
Hudec-Caritas |
9 |
සතුන් ලබා දීම - එළුවන් හා ගවයන් |
|
CF |
20 |
පා පැදි ලබා දීම |
|
මුළු ගණන |
243 |
|
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-11-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ගුණරත්න වීරකෝන් මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks