01

E   |     |  

 දිනය: 2014-05-21   පිළිතුර ලබා දී ඇත 

3239/2014: සීමාසහිත ලංකා පොහොර සමාගම : ලාභය අලාභය

3239/’12

 

ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

  (අ)    සීමාසහිත ලංකා පොහොර සමාගමට අදාළව,   

              (i)       2012 වර්ෂයේ සිට අද දක්වා ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;

              (ii)       2015 - 2016 වර්ෂ සඳහා අ‍පේක්‍ෂිත ලාභය හෝ අලාභය කොපමණද;

(iii) අද වන විට තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය කොපමණද;

(iv) එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(v) එහි සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් තිබේද;

 

(vi) එම ආයතනය සේවකයෙකුට දරන වියදම සහ සේවකයෙකුගෙන් ලබන ලාභය කොපමණද;

(vii) කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-21

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2012 වර්ෂයේ සිට 2013 දක්වා ලැබූ ලාභය රුපියල් මිලියන 199කි.

              (ii)      2015 හා 2016 වර්ෂය සඳහා අපේක්ෂිත ලාභය රුපියල් මිලියන 331.6කි.

             (iii)      2014 අප්‍රේල් මස දක්වා ඇති,

                           ප්‍රාග්ධන ප්‍රමාණය රුපියල් මිලියන 502.4යි.

                           සංචිත ප්‍රමාණය මිලියන 3,233.60යි.

             (iv)      සේවක සංඛ්‍යාව හාරසීය විසිඅටකි. (428කි.)

(v) කාර්ය මණ්ඩලය උපරිම මට්ටමේ පවතී. (කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති පරිදි)

(vi) සේවකයකුට දරන වියදම (වර්ෂයකට) රුපියල් 628,068යි.

සේවකයකුගෙන් ලබන ලාභය (වර්ෂයකට) 467,042යි.

(vii) ඔව්. කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව රුපියල් මිලියන 15,006.70යි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks