01

E   |     |  

 දිනය: 2013-05-09   පිළිතුර ලබා දී ඇත 

3205/2013: පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන : අනුරාධපුර දිස්ත්‍රික්කය

3205/’12

ගරු පී. හැරිසන් මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති සමස්ත පෙර පාසල්  සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පෙර පාසල් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  එම එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කරන පෙර පාසල් පාලිකාවන් සංඛ්‍යාව කොපමණද;

  (iv)  ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

  (v)  එම පාලිකාවන් රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  උක්ත පෙර පාසල් පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලිවල තත්ත්වය කවරේද;

  (ii)  ස්ථිර ගොඩනැගිලි නොමැති පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;

  (iii)  විදුලිබල පහසුකම් ලබා දී ඇති පෙර පාසල් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv)  පෙර පාසල් සඳහා කිසියම් දීමනාවක් ලබා දෙන්නේද;

  (v)  එසේ නම්,  එහි වටිනාකම කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  විදුලිය, වැසිකිළි සහ ගොඩනැගිලි පහසුකම් නොමැති පෙර පාසල්වලට එම පහසුකම් ලබාදීමට කටයුතු කරන්නේද;

  (ii)  උතුරු මැද පළාත් සභාව මගින් පෙර පාසල් සඳහා ලබාදෙන පහසුකම් කවරේද;

යන්න එතුමා තවදුරටත් සඳහන් කරන්නෙහිද?

(ඈ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-09

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2013-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks