පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3204/’12
ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2005 - 2012 කාල සීමාව තුළ වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කළ පලතුරු වර්ග සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් පලතුරු වර්ගයේ කිලෝවක වත්මන් මිල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ආනයනික පලතුරු කල් තබා ගැනීම සඳහා අනුමත කරන ක්‍රමවේදයන් කවරේද;
(ii) එම ක්‍රමවේදයන් මිනිස් සිරුරට හිතකර වන්නේද;
(iii) ඉහත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් ආයතනයක් වෙතින් සහතිකයක් ලබාගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දේශීය පලතුරු කල් තබා ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් කවරේද;
(ii) දේශීය පලතුරු ඉක්මනින් ඉදවීමට භාවිතා කරන ක්‍රමවේදයන් කවරේද;
(iii) එම ක්‍රමවේදයන් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබා දී තිබේද;
(iv) පලතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමෙන් මිනිස් ශරීරයට හානි නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාරිභෝගික ජනතාවට සහතිකයක් ලබා දෙන්නේද;
(v) පාරිභෝගිකයන්ට පිරිසිදු හා ගුණාත්මක පලතුරු වර්ග ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, මන්ද?
අසන ලද දිනය
2013-05-08
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
(மாண்புமிகு மஹிந்த யாப்பா அபேவர்தன)
(The Hon. Mahinda Yapa Abeywardena)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට උත්තර දෙනවා.
(අ) (i) මෙම අමාත්‍යාංශයට අදාළ නැත.
(ii) මෙම අමාත්‍යාංශයට අදාළ නැත.
(ආ) (i) අදාළ නැත.
(ii) අදාළ නැත.
(iii) අදාළ නැත.
(ඇ) (i) a. ගස මත පවතින විට වරින්වර නෙළා ගැනීම
b. ශීතකරණ හෝ සිසිල්කරණවල ගබඩා කිරීම
(ii) a. ඉදවීමේ කාමර/කුටි තුළ තැබීම
b. දුම් ගැසීම
c. කාබයිඩ් යෙදීම
d. එතිලීන් සංයෝග ඉසීම
(iii) එම ක්‍රම අනුගමනය කළ පලතුරු සඳහා පාරිභෝගික අධිකාරියේ අවසරය නොලබයි. එවැනි අවශ්‍යතාවක් ප්‍රකාශයට පත් කර නැත.
(iv) එවැනි ක්‍රමවේදයක් නොමැත.
(v) පාරිභෝගිකයන්ට හොඳ ගුණාත්මක පලතුරු ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
a. පැසුණු ගෙඩි හඳුනා ගැනීමේ ක්‍රමවේද/ලක්ෂණ පිළිබඳ දැනුවත් කිරීම
b. උසස් ගුණාත්මක පලතුරු සඳහා පෙර හා පසු අස්වනු හඳුන්වාදී ජනප්‍රිය කිරීම
c. ඵල නෙළා ගැනීමේ ක්‍රම, අවස්ථා හා උපකරණ හඳුන්වා දීම
d. ඵල ගබඩා කිරීමේ පරිසර තත්ත්ව පෙන්වා දීම
e. කෘෂි පළිබෝධ රෝග මර්දනය /පාලනය පිළිබඳ දැනුවත් කිරීම
f. ඒකාබද්ධ පළිබෝධ මර්දන ක්‍රම හඳුන්වා දීම
g. පාසල් තුළින් මෙම දැනුම ප්‍රචලිත කිරීම
h. වෙළෙන්දන්/ප්‍රවාහකයන්/පාරිභෝගිකයන් දැනුවත් කිරීම.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-05-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks