පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3202/’12
ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට බීජ වර්ග ආනයනය කිරීමේදී බී ලූණු, වට්ටක්කා, මාළුමිරිස්, පතෝල, මිරිස්, තක්කාලි, වැටකොළු, පිපිඤ්ඤා, කැකිරි, මෑ, ගස්ලබු, මුංඇට, කරවිල හා රටකජු යන බෝග වර්ගවලින් වාර්ෂිකව ගෙන්වන බීජ ප්‍රමාණයන්;
(ii) ආනයනික එම එක් එක් බීජ වර්ගය අතරින් පෞද්ගලික අංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙන්වනු ලබන ප්‍රමාණයන්;
(iii) ඉහත සඳහන් එක් එක් බීජ වර්ගයේ කිලෝ එකක මිල;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඉහත එක් එක් බෝගයේ බීජ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ප්‍රමාණයන් දේශීය බීජ අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රමාණවත්වේද;
(iii) ඉහත සඳහන් බීජ දේශීය ගොවිපළවල නිෂ්පාදනය කරන්නේ නම්, ගොවීන්ට ඒවා ලබා දිය හැකි මිල ගණන් කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-04-24
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
(மாண்புமிகு மஹிந்த யாப்பா அபேவர்தன )
(The Hon. Mahinda Yapa Abeywardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) 2012 වර්ෂයේ ආනයනය පහත සඳහන් වේ.
|
අනු අංකය |
බෝගය |
මුළු ආනයන ප්‍රමාණය (කි.ග්‍රෑ.) |
|
01. |
බී ලූනු |
23,112 |
|
02. |
වට්ටක්කා |
11,177 |
|
03. |
මාළු මිරිස් |
130 |
|
04. |
පතෝල |
5 |
|
05. |
මිරිස් |
7,205 |
|
06. |
තක්කාලි |
3,437 |
|
07. |
වැටකොළු |
6,312 |
|
08. |
පිපිඤ්ඤා |
3,304 |
|
09. |
කැකිරි |
- |
|
10. |
මෑ |
6,565 |
|
11. |
ගස් ලබු |
20 |
|
12. |
මුං ඇට |
- |
|
13. |
කරවිල |
4,352 |
|
14. |
රටකජු |
- |
(ii) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් බීජ ආනයනය නොකරන අතර, සියලුම බීජ වර්ග ආනයනය කරනු ලබන්නේ පෞද්ගලික අංශය මඟින් පමණි.
(iii) ශ්‍රී ලංකා රේගුව විසින් එළවලු බීජ කාණ්ඩ යටතේ එළවලු බීජ වර්ගය අනුව ආනයනය කිරීමේ වටිනාකම, ගත් මිල පිළිබඳව ලේඛන පවත්වා ගෙන යනු නොලැබේ. ඒවා සියල්ල ඇතුළත්ව ඇත්තේ එළවලු බීජ කාණ්ඩ යටතේ පමණි. එම නිසා එක් එක් එළවලු බීජ වර්ග ආනයනය කිරීමේ එක් කිලෝ ග්‍රෑමයක මිල ගණන් දැනට ඉදිරිපත් කළ නොහැක.
(ආ) (i) 2012 වර්ෂයේ නිෂ්පාදනය පහත පරිදි වේ.
|
අනු අංකය |
භෝගය |
බීජ පංතිය |
නිෂ්පාදනය කළ ප්‍රමාණය (කි.ග්‍රෑ.) |
|
01. |
මාළු මිරිස් |
සහතික |
696 |
|
02. |
පතෝල |
මූලික |
67 |
|
|
|
සහතික |
1549 |
|
03. |
මිරිස් |
මූලික |
963 |
|
|
|
සහතික |
9869 |
|
04. |
තක්කාලි |
මූලික |
35 |
|
|
|
සහතික |
366 |
|
05. |
වැටකොළු |
මූලික |
222 |
|
|
|
සහතික |
1091 |
|
06. |
පිපිඤ්ඤා |
මූලික |
0.8 |
|
|
|
සහතික |
205 |
|
07. |
මෑ |
මූලික |
197 |
|
|
|
සහතික |
4988 |
|
08. |
මුං ඇට |
අත්තිවාරම් |
2103 |
|
|
|
ලියාපදිංචි |
7021 |
|
|
|
සහතික |
140040 |
|
09. |
කරවිල |
මූලික |
6 |
|
|
|
සහතික |
3610 |
|
10. |
රටකජු |
අත්තිවාරම් |
922 |
|
|
|
ලියාපදිංචි |
5454 |
|
|
|
සහතික |
120337 |
(ii) ප්‍රමාණවත් නොවේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ප්‍රධාන වශයෙන් මූලික බීජ නිෂ්පාදනය කරනු ලබන අතර, දෙපාර්තමේන්තුව මඟින් හා පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් එම භෝග ප්‍රභේදවල සහතික පංතියේ බීජ නිෂ්පාදනය සිදු කෙරේ.
මෙයට අමතරව පෞද්ගලික අංශය මඟින් විදේශයන්ගෙන් බීජ ප්‍රමාණයක් ආනයනය කිරීම සිදු කරයි. ඊට අමතරව දේශීයව නිෂ්පාදනය කිරීමට නොහැකි සෞම්‍ය කලාපීය එළවලු බෝගවල බීජ සම්පූර්ණ අවශ්‍යතාව පෞද්ගලික අංශය මඟින් ආනයනය කෙරේ.
(iii)
|
අනු අංකය |
බෝගය |
ප්‍රභේදය |
බීජ පන්තිය |
බීජ කිලෝග්රෑම් 1ක් අළෙවිය සඳහා මිල (රුපියල්) |
|
01. |
මාළු මිරිස් |
එම |
එම |
8,320.00 |
|
02. |
පතෝල |
එම |
එම |
3,520.00 |
|
03. |
මිරිස් |
එම |
සහතික |
3,300.00 |
|
04. |
තක්කාලි |
තිළිණ |
සහතික |
15,000.00 |
|
|
|
වෙනත් |
සහතික |
12,600.00 |
|
05. |
වැටකොළු |
සියලුම ප්‍රභේද |
එම |
5,850.00 |
|
06. |
පිපිඤ්ඥා |
සියලුම ප්‍රභේද |
එම |
3,760.00 |
|
07. |
මෑ |
හවරි |
එම |
2,680.00 |
|
|
|
පොලොං |
එම |
2,240.00 |
|
08. |
මුං ඇට |
සියලුම ප්‍රභේද |
සහතික |
265.00 |
|
09. |
කරවිල |
එම්.සී. 43 |
සහතික |
4,300.00 |
|
|
|
මාතලේ කොළ |
සහතික |
5,000.00 |
|
|
|
තින්නවේලි සහතික |
|
6,400.00 |
|
10. |
රටකජු |
වලව |
සහතික |
280.00 |
|
|
|
වෙනත් |
සහතික |
270.00 |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-04-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks