01

E   |     |  

 දිනය: 2013-03-22   පිළිතුර ලබා දී ඇත 

3171/2013: භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය : පියවර

3171/’12

 

ගරු ඊ. සරවනපවන් මහතා,— ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වන්නේ නම්, එයට ‍එරෙහිව දැඩි පියවර ගන්නා බවට  කළ තම ප්‍රකාශය අනුව කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)        (i)         එසේ නම්, දෙමළ මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන්ට සිංහල භාෂාවෙන් පමණක් යොමු කෙරෙන ශ්‍රී ලංකා විදුහල්පති සේවාවේ උසස්වීම් පිළිබඳ සියලුම ලිපි ලේඛනවල  දෙමළ  පිටපත් ද අදාළ පාසල්වලට ලැබීම  සහතික කරලීමටත්;

  (ii)  සේවක අර්ථසාධක අරමුදල විසින් තමන්ගේ ප්‍රතිලාභීන්ගෙන් දෙමළ මාධ්‍යයෙන් ලැබෙන ඉල්ලීම් ලිපිවලට සිංහල භාෂාවෙන් පමණක් පිළිතුරු යැවීම වෙනුවට දෙමළ මාධ්‍යයෙන්ම පිළිතුරු ලබාදීම සඳහා අදාළ ආයතන යොමු කරවීමටත්;

පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-22

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු වාසුදේව නානායක්කාර මහතා (ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යතුමා)

(மாண்புமிகு வாசுதேவ நாணாயக்கார - தேசிய மொழிகள், சமூக ஒருமைப்பாட்டு அமைச்சர்)

(The Hon. Vasudeva Nanayakkara - Minister of National Languages and Social Integration)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පිළිතුර සූදානම්. ප්‍රශ්නය අසා තිබෙන ගරු මන්ත්‍රීතුමා පැමිණ නැති නිසා මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ) ඔව්.

(ආ) (i) ඔව්.

එසේ යවන ලද ලිපි පිටපත් අප වෙත හෝ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට ලැබීමට සැලැස්වුවහොත් එය නිවැරැදි කර දීමටත්, දෙමළ භාෂා පිටපත් යැවීමට සැලැස්වීමටත් කටයුතු කළ හැක. තවද, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත දන්වා යැවීමට කටයුතු කරමි.

(ii) ඔව්.

සේවක ප්‍රතිලාභින් වෙත සිංහලෙන් පමණක් ලැබී ඇති ලිපි පිටපත් ලබා දුනහොත් ඔවුන්ට දෙමළ බසින් ලිපි ලැබීමට සැලැස්විය හැක. තවද, සේවක අර්ථසාධක අරමුදල් අංශයේ කොමසාරිස් වෙත රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් අවවාදාත්මක ලිපියක් යැවීමට කටයුතු කරමි.

දැනටමත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති විසින් මීට අදාළව යවනු ලැබ ඇති ලිපියක පිටපතක් ඇමුණුම 01 ලෙස දක්වා ඇත.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් පවරමින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන ලද ලිපියේ පිටපතක්ද ඇමුණුම 02 ලෙස දක්වා ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks