පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3170/’12
ගරු ඊ. සරවනපවන් මහතා,— නැවත පදිංචිකිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නැවත පදිංචි කරනු ලබන සෑම පුද්ගලයෙකුටම රු. 5,000/=, රු.20,000/=, රු. 25,000/= වශයෙන් වූ වාරිකවලින් රු. 50,000/= ක මුදලක් ගෙවනු ලබන බවට අවස්ථා ගණනාවකදීම පොරොන්දු වී ඇති බවත්;
(ii) එම දීමනාව ලබා දෙන බවට බොහෝ අයගෙන් විස්තර සහ අත්සන් ලබාගෙන ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත පොරොන්දුව පරිදි නැවත පදිංචි වූ සියලුම පුද්ගලයින්ට රු. 50,000/= ක මුදල මුළුමනින් ලබාදී තිබේද;
(ii) නොඑසේ නම්, දුක්විඳින එම ජනතාවට එම මුදල ලබාදීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-21
අසන ලද්දේ
ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීමේ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගුණරත්න වීරකෝන් මහතා (නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමා)
(மாண்புமிகு குணரத்ன வீரகோன் - மீள்குடியேற்ற அமைச்சர்)
(The Hon. Gunaratne Weerakoon - Minister of Resettlement)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 'මහින්ද චින්තනය - ඉදිරි දැක්ම' රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නැවත පදිංචි කරනු ලබන සෑම පවුල් ඒකකයක් සඳහාම තාවකාලික වාසස්ථානයක් ඉදිකර ගැනීමට මුදලින් රු. 50,000/-ක් සහ ඊට අමතරව රු. 50,000/-ක් වටිනා ද්‍රව්‍යමය ආධාර ලබා දීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබේ. දිගු කාලීන වශයෙන් එම පවුල් සඳහා යුද්ධයෙන් විනාශ වූ නිවාස ප්‍රතිසංස්කරණ කටයුතුවලට එක් පවුලක් සඳහා රු. 325,000/-ක් ලබා දීම ද පිළිගෙන තිබේ.
එහි මුල් පියවරක් ලෙස මැණික්ෆාම් සුභසාධන මධ්‍යස්ථානයේ අභ්‍යන්තරව අවතැන්ව සිට නැවත පදිංචි කළ සියලුම පවුල් සඳහා රු. 25,000/-ක නිවාස ආධාරයක් සහ ඒ හා සමාන වටිනාකමකින් යුත් ද්‍රව්‍යමය ආධාර ලබා දී ඇත.
(ii) නැත.
(ආ) (i) අභ්‍යන්තරව අවතැන් වූ පවුල් සඳහා සපයනු ලැබූ සියලුම ආධාර සලකා බැලීමේ දී මැණික්ෆාම් සහන ගම්මානයේ නැවත පදිංචි කළ සෑම පවුල් ඒකකයක් සඳහාම අවම වශයෙන් රු. 50,000/-ක් වටිනා ආධාර ලැබුණු බව සඳහන් කළ හැකිය. මෙයට අමතරව ප්‍රදානක ආයතනවල අනුග්‍රහයෙන් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය යටතේ උතුරු නැඟෙනහිර අවතැන් වූ පවුල් 43,000කට රු. 550,000/-ක් වටිනා නිවාස ඒකක ලබා දෙනු ලැබේ. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් මේ වන විටත් ඉදි කරනු ලැබූ නිවාස සංඛ්‍යාව 6,720ක් වන අතර එම නිවසක වෙළෙඳ පොළ දළ වටිනාකම රු. 500,000/-ක් පමණ වේ. ඉදිරි වර්ෂ තුන ඇතුළත විශේෂයෙන්ම උතුර හා නැඟෙනහිර පළාත්වල ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය ද ඇතුළත්ව ප්‍රදානක ආයතන විසින් නිවාස 87,264ක් ඉදිකිරීමට නියමිත අතර එම පදනමින්ම තවත් නිවාස 27,121ක් අලුත්වැඩියා කිරීමට නියමිතය.
(ii) ඉහත රාමුව තුළ කවර ආකාරයක හෝ නිවාස ආධාර නොලද නැවත පදිංචි පවුල් පිළිබඳව සමීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති අතර එවැනි පවුල් හඳුනා ගැනීම දැනට සිදු වේ. එම පවුල් 2009 මැයි මාසයට පෙර අවතැන් වූ පවුල් බවට නිරීක්ෂණය වී ඇත. ඔවුන් සඳහා ද නිවාස ආධාර ලබා දීමේ වැඩ පිළිවෙළක් දැනට සකස් කරමින් පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ගුණරත්න වීරකෝන් මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks