පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3164/’12
ගරු පාලිත තෙවරප්පෙරුම මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මතුගම සාන්ත මේරි මාවත ලෙසින් පෙරදී හැඳින්වූ වත්මන් කුමාර වෙල්ගම මාවතේ, 1991 දී තාවකාලිකව ඉදිකර පසුව 2005.03.30 දිනැති ප්‍රාදේශීය සභා අනුමතිය අනුව ස්ථිරව තනා විදුලි සැපයුම ද ලබාගෙන තිබූ කඩ කාමර 70 ක් හදිසියේම කඩා ඉවත් කර ඇති බවත්;
(ii) එම නිසා පවුල් 70ක සාමාජිකයින් මේ වන විට අසරණව ඇති බවත්;
(iii) නව කඩ කාමර ලබාදීම සඳහා ප්‍රාදේශීය සභාව විසින් එක් කඩ හිමියෙකුගෙන් රු. 100000.00ක් බැගින් අත්තිකාරම් මුදල් ලබාගෙන ඇති බවත්;
(iv) නව කඩකාමර ඉදිකිරීමට ප්‍රාදේශීය සභාව සතු ඉඩමක පස් පරීක්ෂා කර ඇති නමුත් මෙතෙක් ඒවා ඉදිකර වෙළෙඳුන්ට ලබා නොදීම නිසා ඔවුන් විරෝධතා ක්‍රියාමාර්ගයන්ට යොමු වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් කඩකාමර කඩා ඉවත්කිරීමට උපදෙස් දුන් අය කවුරුන්ද;
(ii) නව කඩකාමර ලබාදීමට අයකළ අත්තිකාරම් මුදල් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) නව කඩකාමර ඉදිනොකිරීමට හේතුව කවරේද;
(iv) කඩ කාමර අහිමිවූ වෙළෙදුන්ට නව කඩකාමර ලබා දෙන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-07
අසන ලද්දේ
ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) නැත.
සභාව සමඟින් ඇති කර ගත් ගිවිසුම යටතේ ඉවත් කිරීමේ හැකියාව ඇත. අපහසුතාවක් ඇති වීම වළක්වා ගැනීම සඳහා මතුගම ශ්‍රවණාගාර භූමියේ වෙළෙඳසැල් පවත්වා ගෙන යාමට ඉඩ දී ඇත.
(iii) ඔව්.
(iv) නිවැරදිය. යම් ප්‍රමාදයක් පවත්නා බව සත්‍යයකි.
(ආ) (i) සී/ස මතුගම ශාන්ත මරියා මාවත වෙළෙඳ සංගමය හා මතුගම ප්‍රාදේශීය සභාව සමඟ ඇති කර ගත් ගිවිසුමකට අනුව කඩා ඉවත් කිරීමට සිදු වී ඇත.
(ii) එම මුදල් ප්‍රාදේශීය සභාවේ ගිණුමක තැන්පත් කර ඇත.
(iii) මීට අදාළව අධිකරණයේ නඩු විභාගයක් පවතින හෙයින්.
(iv) නඩු ක්‍රියා මාර්ග අවසන් වූ පසු ඉදිරි කටයුතු කරනු ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks