පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3137/’12
ගරු අජිත් පී. පෙරේරා මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2005 වර්ෂයේ සිට 2012.06.01 දින දක්වා වූ කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ලබාදෙන සමාවක් මත නිදහස් වූ මරණීය දඬුවම ලබා සිටි,
(i) සිරකරුවන්ගේ නම් කවරේද;
(ii) එම එක් එක් සිරකරුවා “මරණීය දඬුවමට යටත් කළ සිරකරුවෙකු” ලෙස බන්ධනාගාරය තුළ ගත කර ඇති කාලය කොපමණද;
(iii) එම එක් එක් සිරකරුවා නිදහස් කළ දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයා විසින් දෙන ලද සමාව යටතේ නිදහස් කරන ලද තැනැත්තන් අතර සිටි,
(i) පුද්ගල ඝාතනයට වරදකරුවන් වූ අය කවුරුන්ද;
(ii) හෙරොයින් ජාවාරම හෝ ළඟ තබා ගැනීමට වරදකරුවන් වූ අය කවුරුන්ද;
(iii) ඉහත වර්ග දෙකට අයත් නොවන අය සිටී නම්, එම සිරකරුවන්ගේ නම් සහ අදාළ වැරදි කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-04-24
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා (පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා)
(மாண்புமிகு சந்திரசிறி கஜதீர - புனர்வாழ்வளிப்பு, சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சர்)
(The Hon. Chandrasiri Gajadeera - Minister of Rehabilitation and Prison Reforms)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) (1) ස්ත්‍රී සිර අංක එල් 13494 මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු
(2) සිරකරු අංක එල් 20600 ඇන්ටන් ලින්කන් විජේවර්ධන තෙන්නකෝන්
(ii) (1) අංක 1 සිරකාරිය අවුරුදු 03 දින 06යි
(2) අංක 2 සිරකරු අවුරුදු 03 දින 23යි
(iii) (1) අංක 1 සිරකාරිය 2008.03.08
(2) අංක 2 සිරකාරිය 2010.08.26
(ආ) (i) ඉහත සඳහන් දෙදෙනාම පුද්ගල ඝාතනයට වරදකරුවන් වී ඇත.
(ii) නැත
(iii) නැත
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-04-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks