01

E   |     |  

 දිනය: 2012-12-03   පිළිතුර ලබා දී ඇත 

3135/2012: නාලන්ද කර්මාන්තපුරය : විස්තර

3135/’12

 

ගරු වසන්ත අලුවිහාරේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මාතලේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාලන්ද කර්මාන්තපුරය තුළ  දැනට,

              (i)       නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඉදිවෙමින් පවතින කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;

  (iii)  ඉදිකිරීමට යෝජිත කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ඉහත කර්මාන්තපුරය සඳහා වෙන් කර ඇති සමස්ත භූමි ප්‍රමාණය කොපමණද;

  (ii)  එම කර්මාන්තපුරය තුළ එක් කර්මාන්තශාලාවකට ලබාදෙන උපරිම හා අවම භූමි ප්‍රමාණය කොපමණද;

  (iii)  ඉහත (අ) හි සඳහන් එක් එක් කර්මාන්තශාලාව වෙනුවෙන් ‍වෙන් කර දී ඇති ඉඩම් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv)  එම ඉඩම් ලබාදීමේ පදනම කොපමණද;

  (v)  මේ වන විට ව්‍යාපෘතීන් සඳහා වෙන්කර දී ඇති මුළු ඉඩම් ප්‍රමාණය සහ ඉතිරිව ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

  (vi)  එම කර්මාන්තපුරය තුළ කර්මාන්ත අරඹා ඇති කර්මාන්තශාලා හිමියන්ගේ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?     

(ඇ)  (i)  නාලන්ද කර්මාන්තපුරයට අයත් භූමියෙන් පෞද්ගලික පරිහරණය සඳහා ඉඩම් කොටස් ලබා දීමට හැකියාවක් තිබේද;

  (ii)  එසේ නම්, එය සිදුකරනු ලබන පදනම කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-12-03

අසන ලද්දේ

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතූ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රිසාඩ් බදියුදීන් මහතා

(மாண்புமிகு றிஸாத் பதியுதீன்)

(The Hon. Risad  Badhiutheen )

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට අදාළ පිළිතුර සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      09 යි.

               (ii)      03යි.

              (iii)      01

(ආ)           (i)      කර්මාන්තපුරය සඳහා වෙන් කර ඇති සමස්ත භූමි ප්‍රමාණය අක්කර 24යි, රූඩ් 2යි, පර්චස් 32ක් වන අතර, කර්මාන්තශාලා සඳහා වෙන් කර ඇති සමස්ත භූමි ප්‍රමාණය අක්කර 19යි, පර්චස් 29කි.

(ii) ව්‍යාපෘතියේ මුළු ආයෝජනය, එහි ස්වභාවය සහ අවශ්‍යතාව අනුව කර්මාන්තශාලාවකට ලබා දෙන භූමි ප්‍රමාණය තීරණය වේ.

 (iii)

ඉහත කර්මාන්තවලට අමතරව ආහාර පාන සැපයීම සම්බන්ධ සේවා සඳහා සුජානි රෙස්ට් ආයතනය (එම්.එස්. සෙනෙවිරත්න මහත්මිය) වෙත පර්චස් 40ක බිම් ප්‍රමාණයක් වෙන් කර ඇත.

(iv) උත්පාදනය වන රැකියා ප්‍රමාණය, මුළු ආයෝජනය හා කර්මාන්තයේ ස්වභාවය සලකා බලමින් කර්මාන්තශාලාව සඳහා අවශ්‍ය වන අවම ඉඩම් ප්‍රමාණය තීරණය කිරීම, 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ විධිවිධාන අනුව පිහිටුවා ඇති ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු නිර්දේශය මත අමාත්‍යාංශයීය කමිටුවක් මඟින් තීරණය කරනු ලැබේ. අනතුරුව අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් ඉඩම වෙන් කිරීමට අනුමැතිය ලබා ගනු ලැබේ.

(v) මේ වන විට ව්‍යාපෘතීන් සඳහා වෙන් කර ඇති මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 14යි, පර්චස් 150ක් වන අතර, ව්‍යාපෘති සඳහා වෙන් කළ හැකි ඉතිරිව ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 4යි, පර්චස් 39කි.

              (vi)      නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති කර්මාන්තශාලා හිමියන්ගේ නම්

(ඇ)           (i)      නැත.

               (ii)      අදාළ නොවේ.

(ඈ)      පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2013-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks