පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3131/’12
ගරු රවී කරුණානායක මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට, වෙන් කොට ඇති, අන්සතු කොට ඇති හෝ බලහත්කාරයෙන් බාර දී ඇති සියලුම ඉඩම් කවරේද;
(ii) ජනතාවට වන්දි ගෙවමින් එම ඉඩම් අත්පත් කර ගැනීමට හෝ පවරා ගැනීමට හේතුව කවරේද;
යන්න යාපනය දිස්ත්‍රික්කයට අදාළව එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එකී දිස්ත්‍රික්කයෙහි රජය මගින් ජනපද පිහිටුවීම සිදුවෙමින් පවතින්නේද;
(ii) එසේ නම්, ඊට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-28
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2012 ජනවාරි 01 දා සිට යාපනය දිස්ත්‍රික්කය තුළ නීත්‍යනුකූලව මහ ජනයාට බෙදා දී ඇති රජයේ ඉඩම් කැබලි ගණන 479කි. බලහත්කාරයෙන් කිසිවකුට ඉඩම් භාර දී නොමැත.
(ii) රජයේ සංවර්ධන කාර්යයන් සඳහා.
(ආ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සිරිපාල ගමලත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks