01

E   |     |  

 දිනය: 2013-10-25   පිළිතුර ලබා දී ඇත 

3116/2013: බලහත්කාර‍යෙන් අල්ලාගත් ඉඩම්: යාපනය දිස්ත්‍රික්කය

3116/’12

ගරු රවී කරුණානායක මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       දේශපාලනඥයින් සහ දේශපාලනයට සම්බන්ධ නිලධාරීන් විසින් යාපනය දිස්ත්‍රික්කයේ සමහර ඉඩම් 2010 ජනවාරි මස සිට බලහත්කාර‍යෙන් අල්ලාගෙන ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)      2010 වර්ෂයේ සිට බලපත්‍ර හෝ ස්වර්ණභූමි ඔප්පු මත අයිතිය පවරනු ලැබූ, බදු දුන් හෝ අන්සතු කළ යාපනය දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල නම්, අක්කර ප්‍රමාණය සහ වටිනාකම කොපමණද;

  (ii)  ඉහත ඉඩම් පැවරීමට හෝ ලබාදීමට හේතු සහ එහිදී ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීමට හේතු කවරේද;

  (iii)  ඉහත (අ) හි සඳහන් ප්‍රදේශවල දශක ගණනාවක් තිස්සේ ජීවත්වන පුද්ගලයන්ට සහ අන් අයටත් ඉහත ආකාරයට ඉඩම් ලබා ගැනීමට අවස්ථාව සහ පහසුකම් ලබා දී තිබේද; 

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ)  (i)  ත්‍රස්තවාදීන්ට අයත්ව තිබූ ප්‍රදේශ ශුද්ධකරණය කිරීමේ මුවාවෙන් යාපනය දිස්ත්‍රික්කයේ වෙරළාශ්‍රිත ඉඩම් ඒවායේ නීත්‍යානුකූල හිමිකරුවන්ගෙන් බලහත්කාරයෙන් හෝ තර්ජනය කිරීමෙන් අත්පත් කර ගැනීම පිළිබඳ චෝදනාව කරුණු සහගතද;

  (ii)  නොඑසේ නම්, එවන් චෝදනා එල්ල වන්නේ කෙසේද;  

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-25

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් හා ඉඩම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       අල්ලාගෙන නොමැත.

(ආ)         (i)      බලපත්‍ර / ස්වර්ණභූමි ඔප්පු මත අයිතිය පවරනු ලැබූ, බදු දුන්, අන්සතු කළ ඉඩම් කොටස් 516ක් තිබෙන අතර, ප්‍රමාණය හෙක්ටෙයාර 41.48කි. (අක්කර 102.455)

              (ii)      ඉහත ඉඩම් නේවාසික, කෘෂිකාර්මික සහ වාණිජ කටයුතු සඳහා පවරා තිබේ.

                        ඉඩම් සංවර්ධන ආඥා පනත, රජයේ ඉඩම් ආඥා පනත හා ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනතෙහි විධිවිධාන අනුව මෙම පැවරීම් කර ඇත.

(iii) ඔව්. 2008/4 හා 2013/1 චක්‍රලේඛවල විධිවිධාන ක්‍රියාත්මක කිරීම මඟින් ලබා දී ඇත.

(ඇ) (i) නැත.

(ii) අදාළ නොවේ.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සිරිපාල ගමලත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks