පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3103/’12
ගරු පී. හැරිසන් මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අනුරාධපුර නගරසභා බල ප්‍රදේශය තුළ ඇති,
(i) ජනතාව පදිංචි ඉඩම් කට්ටි සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත ඉඩම් අතරින් සින්නක්කර ඉඩම් කට්ටි, බදු ඉඩම් කට්ටි හා අනවසර ඉඩම් කට්ටි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් බදු ඉඩම්ලාභීන්ට සින්නක්කර ඔප්පු ලබා දීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) එම කටයුතු කඩිනම් කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) අනුරාධපුර නගරසභා බල ප්‍රදේශය තුළ සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමක් සිදු කරන්නේද;
(ii) නොඑසේ නම්, ඔවුන්ගේ පදිංචිය එම ස්ථානවලම නීත්‍යානුකූල කරන්නේද;
(iii) එම අනවසර පදිංචිකරුවන්ගෙන් වරිපනම් හෝ වෙනත් බදු මුදලක් අය කරන්නේද;
(iv) විදුලිය හා වෙනත් පහසුකම් ලබාදීමේදී ඔවුන්ගේ අයිතිය සනාථ කිරීම සඳහා පරීක්ෂා කරන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-05
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු සිරිපාල ගමලත් මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு சிறிபால கமலத் - காணி, காணி அபிவிருத்தி பிரதி அமைச்சர்)
(The Hon. Siripala Gamalath - Deputy Minister of Lands and Land Development)
ගරු කථානායකතුමනි, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) ඔව්.
(i) පදිංචි ඉඩම් කට්ටි සංඛ්‍යාව - 10,921
(ii) සින්නක්කර ඉඩම් කට්ටි සංඛ්‍යාව - 3,444
බදු ඉඩම් කට්ටි සංඛ්‍යාව - 3,036
අනවසර ඉඩම් කට්ටි සංඛ්‍යාව - 3,967
(ආ) (i) දීර්ඝකාලීන බදුකර මත බදු ගෙවමින් පදිංචිව සිටින බදු ඉඩම්ලාභීන්ට බදුකරය අනුමත වී වසර 5ක් සම්පූර්ණ වූ පසු දීමනා පත්‍ර ලබා දේ.
(ii) ඔව්. 2013 වසරේ සිට දීමනා පත්‍ර නිකුත් කරන ඉලක්කය වැඩි කිරීම තුළින් මෙම වැඩ පිළිවෙළ කඩිනම් කිරීමට කටයුතු යොදා ඇත.
(ඇ) ඔව්.
(i) අනවසරකරුවන් නියමානුකූල කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන නමුත් ඉඩම් නොමැති අයවලුන් ලියාපදිංචි කර ඉඩම් කච්චේරි ක්‍රමය මඟින් සුදුසුකම් පරීක්ෂා කර බලා ඉඩම් ලබා දේ.
(ii) ඉහත (i) පිළිතුරම අදාළ වේ.
(iii) වරිපනම් අය කිරීම මෙම අමාත්‍යාංශයට අදාළ නැත. අනවසරකරුවන්ගෙන් බදු මුදල් අය නොකෙරේ.
(iv) විදුලිය හා වෙනත් පහසුකම් සැපයීම පළාත් පාලන ආයතනවල කාර්යයක් බැවින් මෙම අමාත්‍යාංශයට අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-05-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සිරිපාල ගමලත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks