පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3099/’12
ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂය වන විට උතුරු මැද පළාතේ හඳුනාගෙන ඇති වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2000 සිට 2012 දක්වා කාල සීමාව තුළ වකුගඩු රෝගය වැළඳීමෙන් උතුරු මැද පළාතේ මියගිය සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම රෝගයෙන් ජනතාව මුදා ගැනීමට රජය ගෙන ඇති පියවර කවරේද;
(iv) වකුගඩු රෝගය ඇතිවීම සහ කෘෂි රසායනික ද්‍රව්‍ය හා රසායනික පොහොර භාවිතය අතර සම්බන්ධතාවයක් තිබේද;
(v) වකුගඩු රෝගය හා ඒ ප්‍රදේශයේ ජනතාව බීමට ගන්නා ජලය අතර සම්බන්ධතාවයක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-08
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා
(மாண்புமிகு மைத்திரிபால சிறிசேன)
(The Hon. Maithripala Sirisena)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 2012 වර්ෂය වන විට උතුරු මැද පළාතේ හඳුනාගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව
අනුරාධපුරය දිස්ත්‍රික්කය
|
වර්ෂය |
රෝගීන් සංඛ්‍යාව |
|
2003-2008 |
6,639 |
|
2009 |
1,143 |
|
2010 |
1,451 |
|
2011 |
1,424 |
|
2012 (නොවැම්බර් දක්වා) |
977 |
පොළොන්නරුව දිස්ත්‍රික්කය
|
වර්ෂය |
රෝගීන් සංඛ්‍යාව |
|
2006-2008 |
1,175 |
|
2009 |
365 |
|
2010 |
380 |
|
2011 |
854 |
|
2012 (නොවැම්බර් දක්වා) |
305 |
(ii) 2012 වර්ෂය වනවිට උතුරුමැද පළාතේ වකුගඩු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව
අනුරාධපුර දිස්ත්‍රික්කය
වර්ෂය වාර්තා වූ මරණ සංඛ්‍යාව
2004 165
2005 105
2006 194
2007 202
2008 167
2009 332
2010 246
2011 212
2012 (නොවැම්බර් දක්වා) 144
පොළොන්නරුව දිස්ත්‍රික්කය
වර්ෂය වාර්තා වූ මරණ සංඛ්‍යාව
2004 94
2005 33
2006 102
2007 92
2008 79
2009 91
2010 79
2011 160
2012 (නොවැම්බර් දක්වා) 57
(iii) * වකුගඩු රෝගාශ්‍රිත විශේෂඥ නිපුණතා සහිත මානව සම්පත වැඩිදියුණු කිරීම.
* වකුගඩු රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
* රෝගය පිළිබඳ වෛද්‍ය සහ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාත්මක කිරීම.
* වකුගඩු රෝග පාලනයට අදාළව ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කිරීම.
(iv) කෘෂි රසායනික සහ රසායනික පොහොර මෙම රෝගයට හේතුකාරක විය හැකි බවට අනුමාන කර ඇති නමුත් ස්ථීර නිගමනයකට පැමිණ නැත.
(v) බීමට ගන්නා ජලය මෙම රෝගයට හේතු කාරක විය හැකි බවට අනුමාන ඇති නමුත් ස්ථීර නිගමනයකට පැමිණ නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks