01

E   |     |  

 දිනය: 2013-11-23   පිළිතුර ලබා දී ඇත 

3080/2013: ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවාව : නව සේවා ව්‍යවස්ථාව

3080/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       ශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය සේවාව සඳහා නව සේවා ව්‍යවස්ථාවක් සකස් කරමින් හෝ සකස්      කර තිබේද;

             (ii)       ඒ තුළින් ආයුර්වේද වෛද්‍යවරුන් හෑල්ලුවට ලක් වන බවට චෝදනාවක් ඇති බව දන්නේද;

(iii) ආයුර්වේද වෛද්‍යවරයාගේ ගෞරවය රැකෙන ආකාරයට නව සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ආ) (i) පාරම්පරික වෙද පරම්පරා රැක ගැනීමටයැයි පවසමින් සුදුසුකම් නොමැති පුද්ගලයන්ට පෞද්ගලික ආයතන හරහා දේශීය වෛද්‍ය ඩිප්ලෝමාවන් ලබා දෙන බව දන්නේද;

(ii) මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවල උපාධි ලබාගන්නා ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට කරනු ලබන බලවත් අසාධාරණයක් බව පිළිගන්නේද;

(iii) එම අසාධාරණය ඉවත් කිරීම සඳහා කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, එම දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       සකස් කර අදාළ අනුමතිය සඳහා ඉදිරිපත් කර ඇත.

              (ii)      නැත.

             (iii)      නව සේවා ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරයාගේ ගෞරවය හා තත්ත්වය ආරක්ෂා කරමින් වඩාත් යහපත් සේවාවක් ජනතාවට ලබා දීමේ පරමාර්ථයෙනි.

(ආ)         (i)       1961 අංක 31 දරන ආයුර්වේද පනත අනුව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචිය ලබා ගත හැකි ආකාර 3කි.

* විශ්වවිද්‍යාලවලින් පිට වන ආයුර්වේද වෛද්‍ය උපාධිධාරින්.

* පාරම්පරික වෛද්‍යවරුන්.

* ආයුර්වේද ශාස්ත්‍රී පාඨමාලාව හදාරා සමත්ව සහතික ලබා ගත් වෛද්‍යවරුන්.

ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය මඟින් ලියා පදිංචිය ලබා දී ඇති ආයුර්වේද විද්‍යාලවල සිසුන් වසර තුනක අධ්‍යයන කාලයකින් පසු ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලැබූ විභාගවලින් සමත් වීමෙන් පසු ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගනී.

මෙවැනි විද්‍යාල 21ක් ඇති අතර ඒවා රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන යනු ලැබේ.

මෙම විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා මූලික සුදුසුකම් ලෙස වයස අවුරුදු 18ට නොඅඩු හා 40ට නොවැඩි විය යුතු අතර අපොස (සාපෙ) විභාගයෙන් සිංහල භාෂාව, ගණිතය යන විෂයයන් ඇතුළුව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් 6ක් සමත් වීම සහ අපොස (උපෙ) විභාගයෙන් විෂයයන් 2කින් සමත් වී සිටීම අවශ්‍ය වේ.

(ii) රජ‍යේ පත්වීම් ලබා දෙනු ලබන්නේ විශ්වවිද්‍යාලවලින් පිටවන වෛද්‍ය උපාධිධාරින්ට පමණකි.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාලින්ද දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks