පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3075/’12
ගරු අජිත් පී. පෙරේරා මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සම සෞඛ්‍ය විශේෂඥවේදී උපාධිය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
(ii) එම පාඨමාලාව සඳහා මේ දක්වා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වන විට එම පාඨමාලාව හදාරා උපාධි ලබාගෙන ඇති සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) සම සෞඛ්‍ය විශේෂඥවේදී උපාධි පාඨමාලාවේ අධ්‍යයන කාලය වර්ෂ 3 ක් දක්වා අඩුකිරීමට තීරණය කර තිබේද;
(ii) එසේ නම්, එයට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ඉහත උපාධි පාඨමාලාවේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-06
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2007 දී.
(ii)
|
අධ්‍යයන වර්ෂය |
සංඛ්‍යාව |
|
2007/2008 |
119 |
|
2008/2009 |
118 |
|
2009/2010 |
141 |
|
2010/2011 |
151 |
|
2011/2012 |
190 |
(iii) 323කි.
(ආ) (i) සම සෞඛ්‍ය විශේෂවේදී උපාධි පාඨමාලාවේ කාලය වර්ෂ 04කි.
(ii) දේශීය හා විදේශීය වශයෙන් විශාල ඉල්ලුමක් පවතින උපාධිධාරීන් බිහි කරන සම සෞඛ්‍ය විශේෂවේදී උපාධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය - GMOA - විසින් දක්වන ලද දැඩි විරෝධතා හේතුවෙන් හා ඒ පිළිබඳව එළඹි අධිකරණමය ක්‍රියා හේතුවෙන් 2009 ජුනි මස සිට සම සෞඛ්‍ය විශේෂවේදී උපාධි පාඨමාලාවේ අධ්‍යයන කාලය තුන් අවුරුදු සාමාන්‍ය උපාධිය සමඟ සිව් අවුරුදු විශේෂ උපාධිය ලෙස සැලකේ.
(ඇ) ඔව්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මේ සඳහා නව ගොඩනැඟිල්ලක් හා රසායනාගාරයක් ඉදි කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය, පාඨමාලාව සඳහා අවශ්‍ය නවීන උපකරණ මිලදී ගැනීමට කටයුතු කිරීම. සායනික පුහුණුව ක්‍රමවත් කිරීම හා වැඩි කිරීම, අවශ්‍ය ආචාර්යවරුන් සංඛ්‍යාව බඳවා ගැනීමට කටයුතු කිරීම.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks