පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3059/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උපාධිධාරී අභ්‍යාසලාභී භික්ෂූන්වහන්සේලා සඳහා රාජ්‍ය සේවයේ පත්වීම් ලබාදීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්;
(ii) ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටි 580ක් පමණ භික්ෂූන්වහන්සේලාගේ පත්වීම් අහෝසිකර අර්ධ රාජ්‍ය පිරිවෙන් පත්වීම්වලට පමණක් භික්ෂූන්වහන්සේ සීමාකිරීමේ අමාත්‍ය මණ්ඩල තීරණයකට එළැඹී ඇති බවත්;
(iii) එම තත්ත්වය හේතුවෙන් විශාල ශාසනික අර්බුදයක් නිර්මාණය වීමට ඉඩකඩ පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වන විට සිටින රැකියා වියුක්ත උපාධිධාරී අභ්‍යාසලාභී භික්ෂුන්වහන්සේලා සංඛ්‍යාව කොපමණද;
(ii) අර්ධ රාජ්‍ය පිරිවෙන් පත්වීම්වල සේවයට පමණක් උපාධිධාරී භික්ෂුන්වහන්සේලා සීමා කිරීමට එළැඹි අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කිරීමට පියවර ගන්නේද;
(iii) උපාධිධාරී භික්ෂුන්වහන්සේලාට කඩිනමින් රාජ්‍ය සේවය තුළ පත්වීම් ලබාදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-11
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා)
(மாண்புமிகு டபிள்யு.டி.ஜே. செனெவிரத்ன - பொது நிருவாக, உள்நாட்டலுவல்கள் அமைச்சர்)
(The Hon. W.D.J. Senewiratne - Minister of Public Administration and Home Affairs)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) උපාධිධාරි අභ්‍යාසලාභි භික්ෂූන් වහන්සේලා සඳහා සංවර්ධන නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ ස්ථිර පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇත.
(ii) එවැනි තීරණයක් ගෙන නොමැත. එසේ වුවද, තම විහාරස්ථානය අසල පාසලක් ගරු ස්වාමින් වහන්සේලා වෙත ලබා දීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සඳහා ගරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා සහ ගරු අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
(iiii) එවැනි තීරණයක් ගෙන නොමැති බැවින් අර්බුදයක් පැන නොනඟී.
(ආ) (i) සංවර්ධන නිලධාරි සේවයේ III වන ශ්‍රේණියට පත් කිරීම සඳහා බඳවා ගන්නා ලද උපාධිධාරි අභ්‍යාසලාභි භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 453කි.
(ii) අදාළ නොවේ.
(iii) ඔව්. උපාධිධාරි භික්ෂූන් වහන්සේලාට සංවර්ධන නිලධාරි III වන ශ්‍රේණියේ ස්ථිර පත්වීම් ලබා දීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks