බලන්න

02

E   |     |  

 දිනය: 2013-06-19   පිළිතුර ලබා දී ඇත 

3052/2013: ඖෂධ ආනයනය : විස්තර

3052/’12

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       විවිධ රටවලින් මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 7500 පමණ ප්‍රමාණයක් ආනයනය කෙරෙන බවත්;

            (ii)       එම ඖෂධ ගෙන්වන ව්‍යාපාරිකයන් එම ඖෂධවලින් 800% දක්වා ලාභ ලබන බවත්;

  (iii)  මේ හේතුවෙන්, රෝගීන් දැඩි අපහසුතාවයට ලක්වී ඇති බවත්;

එතුමා  දන්නෙහිද?

(ආ)  (i)  විදේශ රටවලින් මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග කවරේද;

  (ii)  ඖෂධවලට පාලන මිලක් පැනවීමට සැකසූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;

   (iii)  ඖෂධ වෙළඳාමෙන් අයුතු ලෙස ලාභ ලබන ව්‍යාපාරිකයන්ට එරෙහිව  පියවර ගනු ලබන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-19

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලලිත් දිසානායක මහතා

(மாண்புமிகு லலித் திசாநாயக்க)

(The Hon. Lalith Dissanayake)

ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      2013 ජූනි 03 වන දිනට අදාළ සංඛ්‍යා ලේඛන අනුව විවිධ රටවලින් මෙරටට ආනයනය  කරන ඖෂධ වර්ග (විවිධ රසායනිකයන්) සංඛ්‍යාව 1379කි.

        (ii) (iii)      මිල පාලන කටයුතු පිළිබඳ වගකීම ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පාරිභෝගික අධිකාරිය වෙතටයි.

(ආ) (i) ඇමුණුම*  බලන්න. 

(ii) (iii) මිල පාලන කටයුතු පිළිබඳ වගකීම ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පාරිභෝගික අධිකාරිය වෙතටයි.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2013-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks