පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3035/’12
ගරු රෝසි සේනානායක මහත්මිය,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ගම්පහ දුම්රියපළ,
(i) ඉදිකළ දිනය කවරේද;
(ii) ඉදිකළ දින සිට මේ දක්වා ප්‍රතිසංස්කරණය කර ඇති වාර ගණන කොපමණද;
(iii) අවසන්වරට ප්‍රතිසංස්කරණය කළ දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ගම්පහ දුම්රියපළේ,
(i) මහනුවර දෙසට සහ කොළඹ දෙසට ගමන් ගන්නා දෛනික මගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) දළ දෛනික ආදායම කොපමණද;
(iii) මාසික ආදායම කොපමණද;
(iv) මාසික වාර ප්‍රවේශපත්‍ර ආදායම කොපමණද;
(v) පාර්සල් ආදායම මාසිකව, දළ වශයෙන් කොපමණද;
(vi) තිබෙන ප්‍රවේශපත්‍ර කවුළු ගණන කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ගම්පහ ඉදිකර ඇති දුම්රිය නිල නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-04
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රෝහණ දිසානායක මහතා (ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு ரோஹண திசாநாயக்க - போக்குவரத்து பிரதி அமைச்சர்)
(The Hon. Rohana Dissanayake - Deputy Minister of Transport)
ගරු කථානායකතුමනි, ප්‍රවාහන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) (i) 1864 වර්ෂයේදී.
(ii) සෑම දුම්රිය ස්ථානයක්ම වසර 02කට වරක් ප්‍රතිසංස්කරණය කළ යුතු බැවින් ඒ අනුව කටයුතු කර ඇත.
(iii) 2012.04.10
(ආ) (i) මහනුවර දෙසට 1681යි.
කොළඹ දෙසට 17,884යි.
නමුත් දවසින් දවස යම් යම් ආකාරයේ වෙනස් වීම් මෙහි සිදු වෙනවා.
(ii) රුපියල් 375,104යි.
(iii) රුපියල් 11,253,146.00යි.
(iv) රුපියල් 3,594,820.00යි.
(v) රුපියල් 58,604යි.
(vi) 05යි.
(ඇ) (i) 09යි.
(ii) ඔව්.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks