පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3033/’12
ගරු රෝසි සේනානායක මහත්මිය,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වන විට දිවයින පුරා ශ්‍රි ලංගම ඩිපෝවල ගර්හිත බස්රථ වශයෙන් ගාල්කර ඇති බස්රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එම බස්රථවලින් විකුණා ඇති බස්රථ සංඛ්‍යාව කොපමණද;
(iii) එම බස්රථ විකිණීමෙන් ලද මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉදිරියේදී විකිණීමට නියමිත ශ්‍රී ලංගම බස්රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එම බස්රථ විකිණීමෙන් ලබා ගැනීමට අපේක්‍ෂිත මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) බාල ඩීසල් භාවිතය හේතුවෙන් 2011 ජූලි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංගමට අහිමි වූ ආදායම කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-30
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රෝහණ දිසානායක මහතා (ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு ரோஹண திசாநாயக்க - போக்குவரத்து பிரதி அமைச்சர்)
(The Hon. Rohana Dissanayake - Deputy Minister of Transport)
ගරු කථානායකතුමනි, ප්‍රවාහන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) බස් රථ සංඛ්‍යාව 1,882
(ii) බස් රථ සංඛ්‍යාව 1,096
(iii) රුපියල් 166,405,549.50
(ආ) (i) 786
(ii) රුපියල් 98,250,000.00
(ඇ) රුපියල් 43,35,000.00
(ඈ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2012-11-30
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks