01

E   |     |  

 දිනය: 2012-11-28   පිළිතුර ලබා දී ඇත 

3031/2012: මොරටුව - මෝදර ධීවර වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු : මූල්‍යමය ආධාර

3031/’12

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2004 සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ මොරටුව - මෝදර ධීවර වරායේ නැවත ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍යමය ආධාර ලබා දුන් රට කවරේද;

  (ii)  ආධාර ලෙස ලැබුණු මුදල කොපමණද;

  (iii)  ඉහත සඳහන් ධීවර වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  මොරටුව - මෝදර දියකඩනයේ දිග සහ පළල මීටර්වලින් කොපමණද;

  (ii)  දියකඩනයේ නැම්ම මීටර් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-28

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා)

(மாண்புமிகு  வைத்திய கலாநிதி  ராஜித சேனாரத்ன - கடற்றொழில், நீரக வளமூலங்கள் அபிவிருத்தி அமைச்சர்)

(The Hon. (Dr.) Rajitha Senaratne - Minister of Fisheries and Aquatic Resources Development)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)          (i)      චීන රජය.

              (ii)      රුපියල් මිලියන 1,200යි.

             (iii)      2011.02.01

(ආ)         (i)      දිග මීටර් 500.75

බේසින් එක තිබෙන තැන මීටර් 5ක් ගැඹුරු ප්‍රදේශයේ පළල මීටර් 64.25කි. ඉතිරි ප්‍රදේශය මීටර් 3ක් ගැඹුරු ප්‍රදේශයකි. එහි පළල මීටර් 8.5කි.

(ii) මීටර්  50 කි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2012-11-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks