පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3003/’12
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව, ජීවන වියදම් දීමනාව ගණනය කරනුයේ කෙසේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ජීවන වියදම් දීමනාව ගණනය කිරීමෙහිලා භාවිතා කළ කොළඹ පාරිභෝගික මිල දර්ශක ශ්‍රේණිය මෑත කාලයකදී වෙනස් කරනු ලැබුවේද;
(ii) එසේ නම්, එවැනි වෙනසක් සිදු කළ දිනය කවරේද;
(iii) එම වෙනස් කිරීමට පෙර සහ පසුව, එම මිල දර්ශකයේ සෑම ඒකකයකම වටිනාකම රුපියල්වලින්, වෙන් වශයෙන් කවරේද;
(iv) ඉහත සඳහන් කර ඇති ඒකකයක වටිනාකම රුපියල්වලින් සැලකීමේදී වෙනසක් තිබේ නම්, නව වටිනාකම සාධාරණීකරණය කරනුයේ කෙසේද;
(v) අලුතෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයක් භාවිතා කළ යුතුද; නැතහොත්, එම දර්ශකයේ සෑම ඒකකයක් සඳහාම රුපියල්වලින් ගණනය කරන ලද සංශෝධිත ඒකක වටිනාකමක් භාවිතා කළ යුතුද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-17
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம)
(The Hon. (Dr.) Sarath Amunugama)
ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) නිල මිල දර්ශකය වූ කොළඹ පාරිභෝගික මිල දර්ශනය 2002 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි ජනතාවගේ ජීවන රටාව හා ආදායම් මට්ටම් නියැදි සමීක්ෂණයක් ඇසුරෙන් ලබා ගත් තොරතුරු පදනම්ව ගණනය කරන ලදි. එහිදී සාමාජිකයන් සංඛ්‍යාවක් වූ සාමාන්‍ය ගෘහ කාණ්ඩයකට මාසයක කාලයක් සඳහා පරිභෝජනයට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා සේවා මල්ල මිලදී ගැනීම සැලකිල්ලට ගනු ලැබේ. එකී භාණ්ඩ හා සේවා මල්ල ඊට පසු කාලසීමාව තුළදී වරින් වර මිලදී ගැනීමට වැය වූ මුදල් ප්‍රමාණය සංසන්දනය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයකට අනුව ගණනය කිරීමෙන්- Laspeyres මුලධර්මය යොදා ගනිමින් - කොළඹ පාරිභෝගික මිල දර්ශකය නිර්මාණය කර ඇත. පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල මට්ටම වෙනස්වීම මණිනු ලබන මිල දර්ශකාංකය ලෙස දැනට භාවිත කරනුයේ 2002 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව විසින් හඳුන්වා දෙනු ලැබූ සෑම මසකම අවසාන වැඩ කරන දිනයේදී ප්‍රකාශයට පත් කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගිනි.
(ආ) (i) ඔව්.
(ii) 2011 ජූනි මස සිට.
(iii) 2011 මැයි මාසය දක්වා නිල පාරිභෝගික මිල දර්ශකය ලෙස භාවිත කරන ලද්දේ පදනම් වර්ෂය 2002 වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2006-07 පදනම ලෙස ගෙන 2011 ජුනි මාසයේ සිට කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කරන ලදී.
|
|
පදනම් වර්ෂය (2006/07) |
පදනම් වර්ෂය(2002) |
|
සාමාන්‍ය මාසික පාරිභෝජන වියදම |
රුපියල් 27,972.11 |
රුපියල් 17,996.38 |
|
එක් දර්ශකාංකයක අගය |
රුපියල් 279.72 |
රුපියල් 179.96 |
(iv) ගෘහ ඒකක පාරිභෝජන රටාවන්ගේ ඇති වන විධිමත් වෙනස්වීම් පෙන්නුම් කිරීම සඳහා නව පාරිභෝගික පැසක් හා ඒවාට බර තැබීම් කාලානුරූපීව හඳුන්වා දිය යුතුයි. ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුව සෑම වසර 05කට වරක් පාරිභෝගික මිල දර්ශකය යාවත්කාලීන කළ යුතුව ඇත.
ඒ අනුව, 2006 ජූලි සිට 2007 ජුනි මස දක්වා වූ මාස 12ක කාලය තුළදී සිදු කළ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2006/07 පදනම් කර ගනිමින් මෙම මිල දර්ශකය සකස් කරන ලදී.
(v) ඔව්. (iv) හි සඳහන් පරිදි මෙම දර්ශකය මඟින් නව පාරිභෝජන රටාවන් නිරූපණය කරන බැවින් මෙම දර්ශකය පදනම්ව ජීවන වියදම් දීමනාව සකස් කිරීම සුදුසු වේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks