02

සි   |     |  

 Date: 2012-11-17   Answered 

3003/2012: COLOMBO PRICE INDEX SERIES : DETAILS

3003/’12

Hon.   (Dr.) Harsha De Silva,— To ask the Minister of Finance and Planning,—

(a) Will he state as to how the Cost of Living Allowance (COLA) is calculated based on the Colombo Consumer Price Index (CCPI)?

(b) Will he inform this House—

(i) whether the CCPI series used to calculate the COLA was changed in the recent times;

(ii) if so, as to when such a change was made;

(iii) the per unit Rupee value for each index point prior to the change and after the change;

(iv) as to how the new value is justified, if there is any difference between the per unit Rupee values  mentioned above; and

(v) whether it is necessary to use a new CCPI series or a revised per unit Rupee value for each point in the Index ?

(b) If not, why?

 

Asked Date

2012-11-17

Asked by

Hon. (Dr.) Harsha de Silva, M.P.

Ministry

Finance and Planning

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා

(மாண்புமிகு கலாநிதி  சரத் அமுனுகம)

(The Hon. (Dr.) Sarath Amunugama)

ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා  වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)       නිල මිල දර්ශකය වූ කොළඹ පාරිභෝගික මිල දර්ශනය 2002 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි ජනතාවගේ ජීවන රටාව හා ආදායම් මට්ටම් නියැදි සමීක්ෂණයක් ඇසුරෙන් ලබා ගත් තොරතුරු පදනම්ව ගණනය කරන ලදි. එහිදී සාමාජිකයන් සංඛ්‍යාවක් වූ සාමාන්‍ය ගෘහ කාණ්ඩයකට මාසයක කාලයක් සඳහා පරිභෝජනයට අවශ්‍ය  පාරිභෝගික භාණ්ඩ හා සේවා මල්ල මිලදී ගැනීම සැලකිල්ලට ගනු ලැබේ. එකී භාණ්ඩ හා සේවා මල්ල ඊට පසු කාලසීමාව තුළදී වරින් වර මිලදී ගැනීමට වැය වූ මුදල් ප්‍රමාණය සංසන්දනය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක‍ට අනුව ගණනය කිරීමෙන්- Laspeyres  මුලධර්මය යොදා ගනිමින් - කොළඹ පාරිභෝගික මිල දර්ශකය නිර්මාණය කර ඇත. පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල මට්ටම වෙනස්වීම මණිනු ලබන මිල දර්ශකාංකය ලෙස දැනට භාවිත කරනුයේ 2002 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව විසින් හඳුන්වා දෙනු ලැබූ සෑම මසකම අවසාන වැඩ කරන දිනයේදී ප්‍රකාශයට පත් කරනු ලබන කොළඹ පාරිභෝගික  මිල දර්ශකය මගිනි.

(ආ) (i) ඔව්.

      (ii)   2011  ජූනි මස සිට.

(iii) 2011 මැයි මාසය දක්වා නිල පාරිභෝගික මිල දර්ශකය ලෙස භාවිත කරන ලද්දේ පදනම් වර්ෂය 2002 වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2006-07 පදනම ලෙස ගෙන 2011 ජුනි මාසයේ සිට කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කරන ලදී.

 

පදනම් වර්ෂය  (2006/07)

පදනම් වර්ෂය(2002)

සාමාන්‍ය මාසික පාරිභෝජන වියදම

රුපියල් 27,972.11

රුපියල් 17,996.38

එක් දර්ශකාංකයක අගය

රුපියල් 279.72

රුපියල් 179.96

(iv) ගෘහ ඒකක පාරිභෝජන රටාවන්ගේ ඇති වන විධිමත් වෙනස්වීම් පෙන්නුම් කිරීම සඳහා නව පාරිභෝගික පැසක් හා ඒවාට බර තැබීම් කාලානුරූපීව හඳුන්වා දිය යුතුයි. ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුව සෑම වසර 05කට වරක් පාරිභෝගික මිල දර්ශකය යාවත්කාලීන කළ යුතුව ඇත.

                         ඒ අනුව, 2006 ජූලි සිට 2007 ජුනි මස දක්වා වූ මාස 12ක කාලය තුළදී සිදු කළ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය 2006/07 පදනම් කර ගනිමින් මෙම මිල දර්ශකය සකස් කරන ලදී.

(v) ඔව්.  (iv) හි සඳහන් පරිදි මෙම දර්ශකය මඟින් නව පාරිභෝජන රටාවන් නිරූපණය කරන බැවින් මෙම දර්ශකය පදනම්ව ජීවන වියදම් දීමනාව සකස් කිරීම සුදුසු වේ.

(ඇ) පැන නොනඟී.

 

Answered Date

2012-11-17

Answered by

Hon. (Dr.) Sarath Amunugama, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks