පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3002/’12
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක් වූ ශ්‍රී ලංකා ප්‍රථම රාජ්‍ය බැඳුම්කරය සඳහා 2012 ඔක්තෝබර් මාසයේදී මුදල් ගෙවීමට නියමිතව තිබූ බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම බැඳුම්කරය නිකුත් කළ නිශ්චිත දිනය, එහි පොලී අනුපාතිකය සහ එහි කල් පිරෙන දිනය කවරේද;
(ii) නිකුත් කළ දිනයේ එම බැඳුම්කරයෙන් ලද ආදායම ශ්‍රී ලංකා රුපියල්වලින් කොපමණද;
(iii) එම බැඳුම්කරයෙන් ලද මුදල් භාවිතා කරන ලද නිශ්චිත කාර්යයන් කවරේද;
(iv) ඉහත (iii) හි භාවිතයන් (ආයෝජනයන්) වෙතින් ලද, එම බැඳුම්කරය සඳහා මුදල් ආපසු ගෙවීමට යොදා ගතහැකි නිශ්චිත ආදායම් තිබේ නම්, ඒවා කවරේද;
(v) අදාළ බැඳුම්කරයේ මුල් මුදල සහ පොලිය ගෙවීමට නියමිත එක් එක් දිනයේදී හා කල් පිරීමේදී ගෙවනු ලබන පොලියද ඇතුළුව ආපසු ගෙවනු ලබන මුළු මුදල ඇමරිකානු ඩොලර්වලින් සහ ශ්‍රී ලංකා රුපියල්වලින් කොපමණද;
(vi) පොලී සංරචකය සහ මුදල් ඒකකය අවප්‍රමාණවීම නිසා ගෙවීමට සිදුවන යම් අතිරේක මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-17
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம)
(The Hon. (Dr.) Sarath Amunugama)
ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) ඔව්.
(ආ) (i)
|
නිකුත් කළ දිනය |
පොලී අනුපාතිකය |
කල් පිරෙන දිනය |
|
2007.10.24 |
8.25% |
2012.10.23 |
(ii) රු. 56,201,866,962.50 (බිලියන 56.2) කි.
(iii) 2007 වසර සඳහා වන අය වැයේ සඳහන් ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය කෙරෙන දේශීය අරමුදල් විදේශීය ආයෝජන මාර්ගයෙන් සපයා ගැනීම සඳහා මෙම බැඳුම්කරය නිකුත් කරන ලදී. විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන්හි ණය ප්‍රදානකරුවන් අදාළ මුළු ව්‍යාපෘති වටිනාකමින් මූල්‍යනය කරනු ලබන්නේ සියයට 70කට ආසන්න ප්‍රමාණයකි. එවැනි අවස්ථාවල ඉතිරි සියයට 30 දේශීය ප්‍රභවයන් මඟින් මූල්‍යනය කිරීමට සිදු වේ.
ඒ අනුව වර්ෂය තුළ සිදු කළ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල එනම්, හම්බන්තොට වරාය, පුත්තලම ගල් අඟුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය, ජාතික මහා මාර්ග, වලවේ වම් ඉවුරු වාරි මාර්ග ව්‍යාපෘතිය, මොරගහකන්ද, වෙහෙරගල සහ අනිකුත් වාරි මාර්ග ව්‍යාපෘතිවල දේශීය මූල්‍යනයන් සඳහා 2007 ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා දේශීය බැංකු මඟින් ලබා ගන්නා ලද මූල්‍ය පහසුකම් පියවීම සඳහා මෙම බැඳුම්කරය මඟින් ලබා ගන්නා ලද මුදලින් වැඩි කොටසක් යොදවා ඇත.
(iv) මෙම ව්‍යාපෘති දීර්ඝ කාලීන යටිතල පහසුකම් ව්‍යාපෘති වන බැවින් එමඟින් ජනිත වන ආදායම් කෙටි කාලීනව සෘජුව හඳුනා ගත නොහැක.
(v)
|
ආපසු ගෙවන මුදල |
ඇ.එ.ජ. ඩොලර් |
රුපියල් |
රුපියල් බිලියන |
|
බැඳුම්කරය ආපසු ගෙවීම |
500,000,000 |
64,455,700,000.00 |
64 |
|
පොලිය |
206,259,000 |
23,742,660,278.60 |
23
|
(vi) පොලී සංරචකය වෙනස් වී නොමැත. මුදල් ඒකකය අවප්‍රමාණය වීම මත ගෙවීමට සිදු වන අතිරේක මුදල
|
බැඳුම්කරයේ අගය මත |
රුපියල් 8,253,833,039.50 |
රුපියල් බිලියන 8 |
|
පොලිය |
161,060,971.40 |
161 |
ඊට හේතුව කියන්න පුළුවන්. අපගේ මුදල් ඒකකය අවප්‍රමාණය වීම මත, ලබා ගන්නා ලද රුපියල් වටිනාකමට වඩා වැඩි රුපියල් වටිනාකමක් ආපසු ගෙවීමට සිදු වූ බව සත්‍යයකි. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන තත්ත්වයට ළඟා වීමත් සමඟ සහනදායී ණය ලබා ගැනීමට සුදුසුකම් නොලබන තත්ත්වයක් තුළ මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම තුළින් ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළට ප්‍රවිෂ්ට වීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම ව්‍යාපෘති හා සෘජුව බැඳුණු ණය ප්‍රදානකරුවන්ගේ කොන්දේසිවලින් තොරව, පුම්‍රඛතා පදනම මත ප්‍රධාන ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා මෙම මුදල් යෙදවීමටද හැකියාව ලැබුණි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks