02

සි   |     |  

 Date: 2012-11-17   Answered 

3002/2012: FIRST SOVEREIGN BOND OF SRI LANKA: DETAILS

3002/’12

Hon.   (Dr.) Harsha De Silva,— To ask the Minister of Finance and Planning,—

(a) Is he aware that Sri Lanka's first Sovereign Bond, for USD 500 million, was  due in October 2012?

(b) Will he inform this House—

(i) the exact date of issuance of the said bond, the rate of interest and its date of maturity;

(ii) the LKR equivalent of the proceeds of the said bond on the date of issuance;

(iii) the specific purposes that the proceeds of the said bond was utilized;

(iv) the itemized returns from such utilizations (investments) in (iii) above, if any, towards the repayment of the said bond;

(v) the USD amount and LKR equivalent of the total repayment including capital and interest of the said bond, by each date that interest was paid and on the date of maturity, separately; and

(vi) the interest component and any additional amount to be paid due to currency depreciation, separately?

(b) If not, why?

 

Asked Date

2012-11-17

Asked by

Hon. (Dr.) Harsha de Silva, M.P.

Ministry

Finance and Planning

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා

(மாண்புமிகு கலாநிதி  சரத் அமுனுகம)

(The Hon. (Dr.) Sarath Amunugama)

ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)       ඔව්.

(ආ)         (i)     

නිකුත් කළ දිනය

පොලී අනුපාතිකය

කල් පිරෙන දිනය

2007.10.24

8.25%

2012.10.23

 

(ii)       රු. 56,201,866,962.50 (බිලියන 56.2) කි.

‍(iii)      2007 වසර සඳහා වන අය වැයේ සඳහන් ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය කෙරෙන දේශීය අරමුදල් විදේශීය ආයෝජන මාර්ගයෙන් සපයා ගැනීම සඳහා මෙම බැඳුම්කරය නිකුත් කරන ලදී. විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන්හි ණය ප්‍රදානකරුවන් අදාළ මුළු ව්‍යාපෘති වටිනාකමින් මූල්‍යනය කරනු ලබන්නේ සියයට 70කට ආසන්න ප්‍රමාණයකි. එවැනි අවස්ථාවල ඉතිරි සියයට 30 දේශීය ප්‍රභවයන් මඟින් මූල්‍යනය කිරීමට සිදු වේ.

ඒ අනුව වර්ෂය තුළ සිදු කළ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල එනම්, හම්බන්තොට වරාය, පුත්තලම ගල් අඟුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය, ජාතික මහා මාර්ග, වලවේ වම් ඉවුරු වාරි මාර්ග ව්‍යාපෘතිය, මොරගහකන්ද, වෙහෙරගල සහ අනිකුත් වාරි මාර්ග ව්‍යාපෘතිවල දේශීය මූල්‍යනයන් සඳහා 2007 ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා දේශීය බැංකු මඟින් ලබා ගන්නා ලද මූල්‍ය පහසුකම් පියවීම සඳහා මෙම බැඳුම්කරය මඟින් ලබා ගන්නා ලද මුදලින් වැඩි කොටසක් යොදවා ඇත.

(iv) මෙම ව්‍යාපෘති දීර්ඝ කාලීන යටිතල පහසුකම් ව්‍යාපෘති වන බැවින්  එමඟින් ජනිත වන ආදායම් කෙටි කාලීනව සෘජුව හඳුනා ගත නොහැක.

(v)  

ආපසු ගෙවන මුදල

ඇ.එ.ජ. ඩොලර්

 රුපියල්

රුපියල් බිලියන

බැඳුම්කරය ආපසු ගෙවීම

500,000,000

 64,455,700,000.00   

64

පොලිය

206,259,000

23,742,660,278.60

23

 

 

(vi)  පොලී සංරචකය වෙනස් වී නොමැත. මුදල් ඒකකය අවප්‍රමාණය වීම මත ගෙවීමට සිදු වන අතිරේක මුදල

 බැඳුම්කරයේ අගය මත

රුපියල්  8,253,833,039.50

රුපියල් බිලියන  8

  පොලිය

161,060,971.40

161

ඊට හේතුව කියන්න පුළුවන්. අපගේ මුදල් ‍ඒකකය අවප්‍රමාණය වීම මත, ලබා ගන්නා ලද රුපියල් වටිනාකමට වඩා වැඩි රුපියල් වටිනාකමක් ආපසු ගෙවීමට සිදු වූ බව සත්‍යයකි. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන තත්ත්වයට ළඟා වීමත් සමඟ සහනදායී ණය ලබා ගැනීමට සුදුසුකම් නොලබන තත්ත්වයක් තුළ මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම තුළින් ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළට ප්‍රවිෂ්ට වීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම ව්‍යාපෘති හා සෘජුව බැඳුණු ණය ප්‍රදානකරුවන්ගේ කොන්දේසිවලින් තොරව, පුම්‍රඛතා පදනම මත ප්‍රධාන ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා මෙම මුදල් යෙදවීමටද හැකියාව ලැබුණි.

(ඇ) පැන නොනඟී.

 

Answered Date

2012-11-17

Answered by

Hon. (Dr.) Sarath Amunugama, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks