01

E   |     |  

 දිනය: 2013-09-06   පිළිතුර ලබා දී ඇත 

2992/2013: කළමනාකරණ පීඨයක් ස්ථාපිත කිරීම : පේරාදෙණිය විශ්වවිද්‍යාලය

2992/’12

 

ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      වර්ෂ 2008 සිට 2011 දක්වා කාල සීමාව තුළ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය හැදෑරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට  සිසුන් කණ්ඩායම් හතරක්  බඳවා ගත් බවත්;

(ii) මෙම ශිෂ්‍යයන් සඳහා වෙනම කළමනාකරණ පීඨයක් මෙතෙක් ස්ථාපිත කර නොමැති බවත්;

(iii) මෙම උපාධිය හැදෑරීම සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව 2012 වර්ෂයේදී සිසුන් 50 දක්වා අඩුකර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයක් සඳහා වෙනම ගොඩනැගිල්ලක් මේ වන විට ඉදිවෙමින් පවතින්නේද;

(ii) එසේ නම්, එම ගොඩනැගිල්ලේ වැඩ කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-09-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා (උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு நந்திமித்ர ஏக்கநாயக்க - உயர் கல்வி பிரதி அமைச்சர்)

(The Hon. Nandimithra Ekanayake - Deputy Minister of Higher Education)

ගරු කථානායකතුමනි, උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. 

 

(අ)          (i)       ඔව්.

               (ii)      ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ කළමනාකරණ පීඨ මෙන්ම කෘෂිකර්ම පීඨ ද අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ නව කළමනාකරණ පීඨයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

      (iii) නැත.

(ආ) (i)  ඔව්.

      (ii) නියමිත කාල වකවානුව තුළ දී අවසන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks